රාජ්‍ය මූල්‍ය ආදායමෙන් 74%ක් ලැබී අවසන්ලු

2020 වසරේදී රජයේ අපේක්ෂිත මුළු ආදායම රුපියල් බිලියන 1580ක් බවත්, මේ වනවිට එම ආදායමෙන් රුපියල් බිලියන 1124ක් එනම් 74%ක ප්‍රතිශතයක් මේ වනවිට හිමිවී අවසන්ව ඇතැයිද පසුගියදා රැස් වූ රජයේ මුදල් කමිටුවේදී අනාවරණය වී තිබේ.

එම කමිටුවේදී රයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා 2020 වසරේ රාජ්‍ය ආදායම පිළිබඳව සිදු කළ  විමසීමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මුදල් කාරක සභාව රැස්වූ මෙම අවස්ථාව සඳහා රජයේ මුදල් කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, එම්.ඒ. සුමන්දිරන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, අනූප පැස්කුවල් සහ සහන් ප්‍රදීප් යන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබේ.

එසේම මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආර්ථික විශේෂඥයන් පිරිසක්, විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහ හිටපු විකණකාධිපති සරත් මායාදුන්නේ මහතාද සහභාගි වී ඇත.

Views: 99