මිලියන 50ක අලෙවියක් පසු කළ Realme ජංගම දුරකතන ලංකාවටත්

ලොව ශීඝ්‍රයෙන් ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය මෙන්ම, නිෂ්පාදන අලෙවියේ මිලියන 50 ක ඉලක්කයට ළඟා වූ වේගවත් ම ජංගම දුරකථන සන්නාමය ද වන realme, ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙන බවට පසුගියදා නිල වශයෙන් නිවේදනය කෙරිණි.

realme සන්නාමයේ ජාත්‍යන්තර කණ්ඩායම සහ එහි සන්නාම අගනාකම් realme සමාගමේ ශීඝ්‍ර වර්ධනයට ප්‍රධානත ම හේතුව බව එම සමාගම පවසයි. ලොව පුරා තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය realme උපාංග, වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ගෝලීය වෙළෙඳපොළ 61 ක ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට ගෝලීය වෙළෙඳපොළ 13 ක ප්‍රමුඛතම ජංගම දුරකථන සන්නාම 5 අතර රැඳෙන්නට ද සමත්ව සිටී.

ගෝලීය වශයෙන් මේවන විට හත්වන ස්ථානයේ රැඳෙන realme සන්නාමය ගෝලීයකරණ මාවතේ අඛණ්ඩව ඉදිරියට ගමන්කරමින් සිටී. පාරිභෝගික අවශ්‍යතා ඉක්මවූ නිෂ්පාදන රැසක් පිරිනමමින් මීළඟ පියවර ලෙස එම සමාගම ශ්‍රී ලාංකේය වෙළඳපොළට පිවිසීමට නියමිත බවත් පවසයි.

තාරුණ්‍යය සහ ජංගම දුරකථන ප්‍රවණතා ඉලක්කකර ගත් තාක්ෂණික සමාගමක් ලෙස realme, Counterpoint ආයතනයේ 2020 වසරේ තුන්වන කාර්තුවේ ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රවාහන වාර්තාව අනුව ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියේ මිලියන 50 ක ඉලක්කය වෙත ළඟා වූ වේගවත් ම සන්නාමය ලෙස realme සඳහන් කර ඇත. තාරුණ්‍යයේ ජවය සහ තරුණ වෘත්තිකයන් ඉලක්කකර ගනිමින් නිෂ්පාදන නිකුත්කරන එම සමාගම මෙම ඉලක්කය වෙත ළඟා වූයේ කාර්තු නවයක් වැනි ඉතා කෙටි කාලයකින් වීම විශේෂත්වයකි. මෙම කඩයිමට අමතරව realme සන්නාමය මිලියන 14.8 ක ඉතිහාසගත කාර්තු ප්‍රවාහනයක් වාර්තා කළ අතර තුන්වන කාර්තුව සඳහා 132% ක කාර්තුවෙන් කාර්තුව වර්ධනයක් පෙන්නුම් කරමින් තුන්වන කාර්තුව තුළ වේගවත් ම වර්ධනයට හිමිකම් කියන සන්නාමය බවට පත්විය.

Counterpoint ආයතනයට අනුව “ලොව නියම මෙවලම් නිෂ්පාදකයන් අතර ශක්තිමත් වර්ධන තත්ත්වයක්” realme සමාගමේ නිෂ්පාදන ප්‍රවාහන ධාරිතාව හරහා නිරූපණය වේ. ලොව පුරා විවිධ සංස්කෘති සහ කලාපවල තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්වීම, realme සමාගමේ ශීඝ්‍ර මිලියන 50 ක අලෙවි ඉලක්කයට ප්‍රධාන වශයෙන් හේතු විය.

“realme සමාගම ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පිලිපීනය ඇතුළු වෙනත් අග්නිදිග ආසියානු ප්‍රමුඛත ම වෙළෙඳපොළ තුළ ඉහළ ම සමාගම පහ හෝ තුන අතර රැඳෙන්නට සමත්ව සිටිනවා,” යනුවෙන් Counterpoint ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක අභිලාෂ් කුමාර් මහතා සඳහන් කරයි.

‘Dare to Leap’ තේමාව ඔස්සේ සිය මෙහෙයුම් කටයුතු කරන realme සමාගම, තාරුණ්‍යයේ ප්‍රවණතාවලට අනුව නිර්මාණය කරන ලද විශිෂ්ට කාර්යසාධනයකින් යුතු මෙවලම් ආකර්ෂණීය සහ දැරිය හැකි මිලකට තරුණ ප්‍රජාවට ලබාදීමේ ක්‍රමෝපාය දියත් කරයි. “දැරිය හැකි මිලකට උසස් ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිරිනැමීමත්, විවිධ රටවල දියත් කර ඇති පහසු ඩිජිටල් සාප්පු පහසුකම සහ ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවත් හේතුවෙන්, වසංගත තත්ත්වය තුළ වඩාත් නොසැලුණු සන්නාමය බවට realme පත්වුණා,” යනුවෙන් පර්යේෂණ විශ්ලේෂක අභිලාෂ් කුමාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

realme සමාගමේ මෙරට මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අනාගත නායකයන් ඉදිරියේදී තමාට මුහුණදීමට සිදුවන සුවිශේෂී අභියෝග සඳහා නිර්මාණශීලි විසඳුම් අපේක්ෂා කරන බැවින් එම ගමනට ඔවුන් සමග අත්වැල් බැඳගනිමින් පාරිභෝගික පදනම තවදුරටත් පුළුල් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි. 

“ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව ගෝලීය පරිසරයට පිවිසීම සඳහා මනා සූදානමකින් පසුවන බැවින් ඔවුන්ගේ එම ගමනේ හවුල්කරුවෙකු බවට පත්වීමට අප මහත් ඕනෑකමින් අපේක්ෂා කරනවා. තරුණ ප්‍රජාවගේ අවශ්‍යතා අනුව සැකසූ විශිෂ්ටත ම විශේෂාංග සහ තාක්ෂණික ක්‍රමවේද සමගින් එම realme නිෂ්පාදන නුදුරේදී ම ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දීමට අප කටයුතු කරනවා” යයි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Views: 87