විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා ඉටු කිරීම ගැන නිවේදනයක්

අනිවාර්යයෙන්ම කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත 2020 නොවැම්බර් 11 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දිනකට සීමිත ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සඳහා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත ආරම්භ කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නිවේදනයක් මගින් පවසයි.

හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන්ට අනුකූලව සාමාන්‍ය ජනතාවට අඛණ්ඩ කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහතික කිරීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කෙරී තිබේ.

ඒ අනුව, කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර පහත සඳහන් වෙබ් දිගුව හෝ දුරකථන අංකය හරහා හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10.00 සිට ප.ව 2.00 දක්වා පමණි:

වෙබ් දිගුව: http://consular.mfa.gov.lk/ONLINEBOOKING, දුරකථන: +94 112 338 812

මේ ආකාරයට කලින් වේලාව වෙන්කර නොගත් පුද්ගලයින්ට කොළඹ 01 සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බවත් විදේශ අමාත්‍යාංශය පවසයි. එසේම දැනට හුදෙකලා කොට ඇති / ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මෙම කාලය තුළදී කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවත් විශේෂයෙන් දන්වා සිටියි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණය, වන්දි ගෙවීම්, නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධ විමසුම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන ලෙසද විදේශ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා ෆැක්ස්: +94 112 473 899  සහ විද්‍යුත් තැපෑල: consular@mfa.gov.lk යනාදියද වෙන් වී පවතී.

අංශය දුරකථන අංකය
මරණ +94 112 338 836
+94 113 136 715
+94 776 032 252
+94 773 586 433
+94 718 415 623
+94 701 428 246
වන්දි +94 112 437 635
+94 117 101 193
නැවත මෙරටට ගෙන්වා ගැනීම +94 112 338 837
විවිධ +94 112 338 843
+94 117 101 162

මීට අමතරව මාතර සහ යාපනයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකම සතියේ වැඩකරන දිනවල දී සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරන බවද විදේශ අමාත්‍යාංශය පවසයි. එහිදීද පහත දුරකථන අංක හරහා කලින් වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්යය වී තිබේ.

මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය:      +94 412 226 697
යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය:    +94 212 215 972

Visits: 18