Xiaomi වෙතින් Mi Smart Band 5 වෙළෙඳපොළට

ලොව ප‍්‍රමුඛතම තාක්ෂණික නිෂ්පාදන සමාගමක් වන Xiomi ප‍්‍රථම වරට පළඳින උපාංග (Wearables) කාණ්ඩයට පිවිසෙමින් ශ‍්‍රී ලංකාවට Mi Smart Band 5 හඳුන්වා දීමට කටයුතු කර  ඇතැයි පවසයි. ඊට අමතරව ශ‍්‍රවණ නිෂ්පාදන (Audio) කාණ්ඩයට අයත්  Redmi SonicBass Wireless Earphones සහ Redmi Earphones යන උපාංගද මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ.

Mi Smart Band 5 – ශරීර සුවතාවට කොයිකාටත් ලැබෙන අත්වැලක්

විශාල ජනප‍්‍රියත්වයක් හිමිකරගත් ඵස Mi Smart Band නිෂ්පාදනය දැන් පෙරටත් වඩා විශාල කර සහ වැඩිදියුණු කර වෙළඳපොළට පැමිණ තිබේ. මීට පෙර මාදිලියට වඩා 20% ක් විශාල 1.1” Color AMOLED දර්ශන තිරයක් මීට ඇතුළත් ය. එකිනෙකට වෙනස් Display රටා 65 ක් සහ අතේ බඳින බෑන්ඞ් වර්ණ 6 ක් අතරින් තම රුචිකත්වය අනුව විලාසිතා තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබීම විශේෂත්වයකි. ආකර්ෂණීය තිරයක් සහ ක‍්‍රීඩාශීලී නිමාවක් සමගින් Mi Smart Band 5 ශරීර සුවතාව වඩාත් ආකර්ෂණීය අත්දැකීමක් බවට පත්කරයි.

ඔබේ ව්‍යායාම රටාව කුමක් වුවත් ඵස Mi Smart Band 5 ඔබට අත්වැලක් වීමට සූදානමින් සිටී. 5 ATM Water-resistant Certification හිමි නිසා පිහිනුම් තටාකයේ, ධාවන පථයේ, සර්ෆ් කිරීමේ පමණක් නොව ස්නානයේදී පවා ගැටලූවකින් තොරව මෙය පැළඳ සිටිය හැක. Indoor cycling, Elliptical,  Yoga, Rowing machine සහ jump rope ඇතුළුව Exrcise modes 11 ක් සහිත Mi Smart Band 5 ඔබ කුමක් කළත් ඔබේ ව්‍යායාම වල ප‍්‍රගතිය මැනවින් හසුකර ගනී.

ශරීර සුවතාව සම්බන්ධ මානයන්ගෙන් ඔබ්බට ගිය විට, Mi Smart Band 5 හි ඇති PPG heart rate sensor උපාංගය දැන් පෙරටත් වඩා 50% ක් නිවැරදි වූ දත්ත* ලබාදෙන නිසා, හදවතේ නිරෝගී බව පිළිබඳව පෙරටත් වඩා පැහැදිලි අදහසක් ලබාගත හැකි වේ. එමෙන්ම නින්දේ ස්වභාවය, ආතති මට්ටම පමණක් නොව මාසික චක‍්‍රයන් සම්බන්ධ දත්ත පවා දැක්වීමට මීට හැකියාව ඇත. ඊට අමතරව මෙය සියලූ පරාමිතීන් ග‍්‍රහණය කරගෙන, ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි අදහසක් ලබාගැනීමට උපකාරී වන Personal Activity Intelligence (PAI) අගයක්ද ලබාදෙයි.

නව මාදිලියේ ඇති විශාල තිරය සහ නව උපාංග වල නිසි ක‍්‍රියාකාරීත්වය සඳහා, අඛණ්ඩව දින 14 ක් භාවිතා කළ හැකි ආකාරයේ බැටරියක්* Mi Smart Band 5 උපාංගයට යොදා තිබේ. මෙහි නවතම ආරෝපණ ක‍්‍රමය නිසා, ආරෝපණ කිරීමේදී ට‍්‍රැකරය බෑන්ඞ් එකෙන් ගලවා ඉවත් කිරීම අවශ්‍ය නැත. ඒ වෙනුවට එහි චුම්බක පසුපස හරහා චාජරයට සවි කිරීම මගින් උපාංගය ආරෝපණය කළ හැකි වේ.

Redmi SonicBass Wireless Earphones – මැග්නටික් ඉයර්බඞ්ස් සමග වඩාත් පහසු ශ‍්‍රවණ අත්දැකීමක්

Redmi SonicBass Wireless Earphones යනු අනර්ඝ ශ‍්‍රවණ අත්දැකීමක් ලබාදෙන, හුරුබුහුටි, ආටෝප රහිත Matte නිමාවකින් යුත් මැග්නටික් ඉයර්බඞ්ස් උපාංගයකි. බරින් අඩු එය මැනවින් ගෙල මත රැුඳවෙන ආකාරයට නිපදවා ඇත. සංගීතය වඩාත් හොඳින් රසවිඳීමට හැකිවන පරිදි, heavy bass නාද නියමාකාරව ඇසෙන ආකාරයට මෙන්ම දුරකථන ඇමතුම් වලදී අදාළ හඬ පරාසයන් නිවැරදිව ඇසෙන පරිදි මෙම උපාංගය සැලසුම් කර ඇත. විශිෂ්ට හඬ ප‍්‍රමිතිය සහ පුළුල් සංඛ්‍යාත පරාසය නිසා මෙය රැුහැන් රහිත උපාංග කාණ්ඩයේ නිෂ්පාදන අතර හොඳම තේරීමක් බවට පත්වී තිබේ.

බාධාවකින් තොරව පැය 12 ක් දක්වා සංගීත රසය විඳගැනීමට අවස්ථාව සලසා දීමට Redmi SonicBass Wireless Earphones උපාංගයට හැකියාව ඇත. විවිධ පසුබිම් යටතේ භාවිතා කළ හැකිවන ආකාරයට එය IPX4 ශ්‍රේණිගත කිරීමක් සමග පැමිණෙන අතර, දහදිය සහ ජල පහරවල් වලට ඔරොත්තු දීමේ හැකියාව නිසා ව්‍යායාම වල යෙදෙන්නන්ටද ඉතා සුදුසු ය. එමෙන්ම මෙයට යොදා ඇති DualPairing තාක්ෂණය නිසා උපාංග දෙකකට එකවර සම්බන්ධ කළ හැකි අතර එමගින් එම උපාංග දෙක අතර තමන්ට කැමති ආකාරයට මාරු විය හැකි වේ.

අනවශ්‍ය බාහිර ශබ්ද ඉවත් කර සුපැහැදිලි ශ‍්‍රවණ අත්දැකීමක් ලබාදෙන Dula mic noise cancellation තාක්ෂණය මගින් වඩාත් පැහැදිලි දුරකථන ඇමතුම් ලබාදෙයි. එමෙන්ම වඩාත් වේගවත් හා ස්ථාවර සම්බන්ධතාවක් සඳහා Google Assistant සහ Siri සමග Bluetooth 5.0 සම්බන්ධතාව මෙම උපාංග වලට යොදා තිබේ.

Redmi Earphones – විශිෂ්ට නාද, හොඳම Bass සමග සුපැහැදිලි කටහඬ

Hi-Res Audio සහතික ලබා ඇති Redmi Earphones වඩාත් ස්වාභාවික හා තාත්වික ශ‍්‍රවණ අත්දැකීමක් ලබාදීමට සමත් ය. 10mm sound drivers මගින් වඩාත් හොඳින් Bass හා Treble මෙන්ම සුපැහැදිලි කටහඬ රටා ලබා දේ. තවද Hands-free ඇමතුම් ලබාගැනීම සඳහා inline mic එකක්ද යොදා ඇත. බහුකාර්ය බොත්තම ඉයර්ෆෝන් උපාංගයේ ඇමතුම් හා සංගීතය පාලනය කරයි. උසස් තත්ත්වයේ ඇලූමිනියම් ඇලෝයි යොදා යොදා නිපදවා ඇති Redmi Earphones පැමිණෙන්නේ සිලිකන් ඉයර්ප්ලග්ස් සමගිනි. මිලිමීටර් 3.5 සම්මත ප‍්‍රමාණයෙන් එන එහි කේබලයේ දිග මීටර් 1.25 ක් වේ.

නව උපාංග සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xiaomi සඳහා ශ‍්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ විද්‍යා සාගර් මහතා “අප සෑම විටම උත්සාහ කරන්නේ නව ප‍්‍රවණතා සමග ඉදිරියට යන සමාගමක් බවට පත්වීමටයි. ලොව විශාලතම Hardware incubator සමාගම ලෙස අපට වර්තමාන ලෝකයේ එදිනෙදා ජීවිතයට වඩාත් හොඳින් ගැළපෙන සහ වැඩි පහසුවක් ගෙනෙන නිෂ්පාදන හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. අප හුදෙක් ස්මාර්ට්ෆෝන් සමාගමක් පමණක් නොවෙයි. විවිධ කාණ්ඩ යටතේ අප හඳුන්වා දෙන සෑම නිෂ්පාදනයක්ම මේ සඳහා පැහැදිලි සාක්ෂි සපයනවා. Mi Smart Band 5 ඔස්සේ නව කාණ්ඩයකට පිවිසීමට දීමට Redmi SonicBass Wireless Earphones සහ Redmi Earphones සමගින් අපගේ සුපුරුදු කාණ්ඩ වල පරාසයන් තවදුරටත් පුළුල් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ සියල්ල ශ‍්‍රී ලංකාවේ ඵස රසිකයන්ට සුවිශේෂී අත්දැකීමක්ලබාදෙනඋපාංග පෙළක් බව කියන්නට පුළුවන්.” යනුවෙන් පැවසීය.

මිලගණන් හා මිලදීගත හැකි ස්ථාන
+ Mi Smart Band 5 රු. 6,999 කට මිලදීගත හැක.
+ Redmi SonicBass Wireless Earphones සහ Redmi Earphones උපාංගය
රු. 3,299 කට ලබාගත හැකි අතර Redmi Earphones උපාංගයේ මිල රු. 1,199 ක් වේ.
+ දිවයින පුරා Mi අලෙවිසැල්, අන්තර්ජාල අලෙවිසැල් සහ අනෙකුත් අලෙවිනියෝජිතයන් වෙතින් මෙම උපාංග ලබාගත හැකි වේ.

Views: 63