42 වැනි ජාතික යෞවන සම්මාන තරගාවලියට අයදුම්පත් බාර ගැනේ

ජාතික තරුණ සේවා සභාව මඟින් 42 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික යෞවන සම්මාන තරගාවලිය සඳහා දිවයින පුරා විසිර පැතිර සිටින වයස අවුරුදු 15 – 29 අතර, තරුණ තරුණියන්ගෙන් දැන් අයදුම්පත් බාර ගැනේ.

මෙම තරගාවලිය සඳහා නාට්‍ය, නර්තන, සංගීත, සාහිත්‍ය ක්ෂේත්‍ර, චිත‍්‍ර, ඡායාරූප, කැටයම්, මූර්ති, නිවේදක, කථක යනාදී තරග අංශ 103 ක් පමණ ඇතුලත් වන අතර, සිංහල, දමිළ, හා ඉංග‍්‍රීසි යන භාෂා ත‍්‍රිත්වයෙන්ම තරග පැවැත්වේ. මෙහිදී ආබාධ සහිත තරුණ තරුණියන් සඳහාද නර්තන හා සංගීත යන අංශ වලින් පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

මෙහි නාට්‍ය තරගාවලිය සඳහා පමණක් වයස අවුරුදු 15 – 35 දක්වා තරුණ තරුණියන්ට අයදුම් කළ හැකි වන බව ද ඔහු පැවසීය. මෙම සියළුම තරග දිස්ත‍්‍රික්, පළාත් හා ජාතික මට්ටමින් පැවැත්වෙන අතර, නාට්‍ය තරග පමණක් පළාත් හා ජාතික මට්ටමින් පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා වැඩි විස්තර www.nysc.lk අඩවියෙන් හෝ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත‍්‍රික් හා පළාත් කාර්යාල වලින් මෙන්ම, දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වල තරුණ සේවා නිලධාරීන්ගෙන්ද ලබා ගත හැකිය.

Views: 326