ජා ඇල මත්ස්‍ය ආහාර නිශ්පාදනාගාරය ධීවර ඇමතිගේ නිරීක්ෂණයට

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගියදා ජා ඇල පිහිටි මත්ස්‍ය ආහාර නිශ්පාදනාගාරයෙහි නිරීක්ෂන චාරිකාවක නිරත වූ බව එම අමාත්‍යාංශය පවසයි. එම නිෂ්පාදනාගාරයෙහි හිමිකරුවන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම චාරිකාවේ නිරතවී තිබේ.  

එහි දි මත්ස්‍ය ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සදහා ගත හැකි පියවරයන් පිළිබදව සොයා බලා ඇති අමාත්‍යවරයා, නවීන යන්ත්‍රෝපකරන ලබා ගැනීම සදහා සහන පොලියක් යටතේ බැංකු ණයක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව හා  එමගින් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට ඇති හැකියාවද සොයා බලන ලෙස අදාළ නිළධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.

එදිනම පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අමාත්‍යවරයා, එහි සෞඛ්‍යාරක්ෂිත තත්වය පිළිබදව සොයා බලා තිබේ. එහි වාහන අංගනය වෙත අමාත්‍යවරයාගේ වැඩි අවධානය යොමු වී ඇති අතර එහි පැය 24ක කාලය පුරාම පවිත්‍රතාවය පැවතිය යුතු බවට පාලනාධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා, පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළද සංගමේ සභාපති, ලේකම් ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූ බව අමාත්‍යාංශය පවසයි.

Views: 35