නවලෝක රෝහල ලංකාවේ ප්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය හඳුන්වාදෙයි

නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය ‘LAB TESTS ONLINE’ පසුගියදා නවලෝක රෝහල් සමුයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස සහ අධ්‍යක්‍ෂ රසායනාගාර සේවා, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දියත් කරනු ලැබීය.

නවලෝක රෝහල විසින් හඳුන්වාදෙන මෙම නවතම සංකල්පයට අනුව Nawaloka Lab Tests on-Line වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයා විසින් ලබාදෙන රෝග පරීක්ෂණ නිර්දේශ පත‍්‍රිකාව (prescription) වෙබ් අඩවියට ලබා දිය හැකිය.

අනතුරුව සිදු කළ යුතු රසායනාගාර පරීක්ෂාව නිවැරදිව තෝරාගෙන මේ සඳහා ගත වන කාලය, පිරිවැය පිළිබඳව ඒ හරහා දැනුවත් කෙරේ. එහිදී සේවාව ලබා ගන්නා පුද්ගලයා විසින් මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය සහ රසායනාගාර නියැදිය ලබාදෙන ආකාරය සඳහන් කළ යුතුය.

ඒ අනුව නියමිත රසායනාගාර වාර්තාව පාරිභෝගිකයා විසින් සඳහන් කරන කාලසීමාව තුළ විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය හෝ කුරියර් සේවාවක් හරහා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව මගින් ලබා දී ඇත.

මෙහිදී රසායනාගාර නියැදිය රෝහලට ලබාදීමේ දී ඒ සඳහා ක‍්‍රමවේද කිහිපයක් මෙම වෙබ් අඩවිය හරහා පාර්භෝගිකයින්ට ලබා දී ඇති අතර නියැදි රැස්කරන ජංගම සේවාව, Drive through සේවාව හෝ රෝහල පැමිණ රසායනාගාර නියැදිය ලබා දිය හැකි බවත් නව ලෝක රෝහල පවසයි.

මෙම ක‍්‍රමවේදය මගින් වෛද්‍ය නිර්දේශය පරිදි සිදු කළ යුතු පරීක්ෂණයට අදාළව රෝගියා විසින් ලබාදිය යුතු රුධිර සාම්පලයන් නවලෝක රෝහල විසින් රෝගියාගේ නිවස වෙත ගොස් ලබා ගන්නා අතර පරීක්ෂණ වාර්තාව ද නිවෙස වෙත ගෙන්වා ගත හැකි බැවින් රෝගී පුද්ගලයාට විවේක සුවයෙන් නිවෙසටම වී සිටිය හැකි බව රෝහල පවසයි.

නවලෝක රෝහල විසින් හඳුන්වාදුන් මෙම නවතම වෙබ් අඩවිය ඔස්සේ රසායනාගාර සේවාවේ කාර්යක්‍ෂම සහ සරළ කර ඇති අතර බැංකු කාඞ්පත් මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සලසා ඇති බැවින් සමස්ත ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා මුදල් භාවිතා කිරීමෙන් තොරව සේවාවාන් ලබා ගැනීමේ හැකියාව රෝගීන්ට ලබා දී ඇති අතර, රෝගියාගේ අවශ්‍යතාව පරිදි ඔහු හෝ ඇයගේ පරීක්ෂණ වාර්තාව සෘජුව හෝ ඩිජිටල් තාක්ෂණය මගින් වෛද්‍යවරයා වෙත යොමු කළ හැක. එමෙන්ම රෝගියා විසින් යළි රසායනාගාර පරීක්ෂණය සිදු කළ යුතු දින වකවානුව පිළිබඳව පසුවිපරම් සිහිකැඳවීමක් ද ඊමේල් මගින් දැනුවත් කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එය භාවිතා කරනු ලබන සෑම පාරිභෝගිකයකුටම විශේෂිත පුද්ගල හඳුනාගැනීමේ අංකයක් ‘UPIN’ හිමිවන අතර නවලෝක රෝහලේ සියලූ සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට මින් අවස්ථාව හිමි වේ.

නවලෝක රෝහල සතු අති නවීන තොරතුරු තාක්ෂණික පද්ධතිය හා පරිගණකගත පරිපාලන මෙහෙයුම් පද්ධතිය තුළින් කාර්යක්ෂම සහ රෝගීන්ගේ පුද්ගලිකත්වය මුළුමනින්ම ආරක්ෂා කෙරෙන අතර රෝගීන්ගේ සුරක්ෂිතබව පිළිබඳව ඉහළම අවධානයක් යොමු කරන බවත් පවසයි.

Visits: 111