ශ්‍රී ලංකා – ග්‍රේටර් මිකොන්ග් ව්‍යාපාර කවුන්සිලයේ 9 වැනි වාර්ෂික මහා සභා රැස්වීම
ශ්‍රී ලංකා – ග්‍රේටර් මිකොන්ග් ව්‍යාපාර කවුන්සිලයේ 9 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය අගෝස්තු 27 වැනිදා ලංකා වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වුණු බව එම මණ්ඩලය පවසයි. මෙහිදී එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී චුලාමනී චාර්ට්සුආන් මහත්මිය සම්බන්ධ කර ගෙන තිබේ.
මෙම අවස්ථාවේදී 2020-2021 වසර සඳහා වන එම කවුන්සිලයේ නව සාමාජික මණ්ඩලය පත් කරගැනීම සිදු වූ අතර, සභාපතිවරයා ලෙස කටයුතු කරන රැන්ෆර් ගෘප් සමාගමේ රනිල් සෙනෙවිරත්න මහතා නැවත වරක් සභාපති ධුරයට පත්විය.
එසේම කැපිටල් ඩිවලොපර්ස් ලිමිටඩ් සමාගමේ මහේන් වීරසේකර, මැලිබන් බිස්කට් මැනියුෆැක්චරීස් (පෞද්) සමාගමේ එස්.එම්.ඩී. සූරියකුමාර, සියාම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමේ වෙනුර ප්‍රනාන්දු යන මහත්වරුන් කවුන්සිලයේ උප සභාපතිවරුන් ලෙස පත්වීම් ලැබ තිබේ.
එසේම එහි කමිටුව ලෙස එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් (පෞද්) සමාගම, සිලෝන් බිස්කට්ස් ලිමිටඩ්, හේලීසී ඇග්‍රිකල්චර් හෝල්ඩිංග්ස් ලිමිටඩ්, ලංකා හොස්පිටල්ස් පීඑල්සී සහ මැක් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම යන සමාගම් තේරී පත් විය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වා ඇති කවුන්සිලයේ නව සභාපති රනිල් සෙනෙවිරත්න මහතා, තායිලන්තය සහ වියට්නාමය සමග ශ්‍රී ලංකාව වෙත පවතින වීසා ගැටලු, වෙළෙඳ බාධා, ආයෝජන අවස්ථා, තාක්ෂණික සහයෝගීත්වය, නිදහස් වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මකවීම ඇතුළු කරුණු සඳහන් කර ඇති බවද ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාව සහ සුප්‍රසිද්ධ මිකොන්ග් ගංගාව ගලා බසිනා අග්නිදිග ආසියානු රාජ්‍යයන් වන වියට්නාමය, තායිලන්තය, මියන්මාරය, ලාඕසය සහ කාම්බෝජය මෙම ශ්‍රී ලංකා – ග්‍රේටර් මිකොන්ග් ව්‍යාපාර කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් වෙයි.