HNB Finance Limited සමාගම HNB Finance PLC වෙයි

හැටන් නැෂනල් බැංකුවට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන HNB Finance Limited සමාගමේ නම මින් ඉදිරියට HNB Finance PLC ලෙස වෙනස් කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමත් සමගින්ම එම සමාගම වෙත හිමිවන පොදු සමාගමක් බවට ලැයිස්තුගතවීමේ (පබ්ලික් ලිස්ටඩ් කම්පැනි) තත්ත්වයත් සමගින්ම මෙලෙස නම් වෙනස් කිරිම සිදුව තිබේ.

මෙම නම් වෙනසට අදාළව සහතිකයද සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් 2020 සැප්තැම්බර් 10 වැනිදා ලබාදී ඇති අතර, එහි සැබෑ සහතිකය පසුගිය සැප්තැම්බර් 16 වැනිදා තමන් වෙත ලැබීමත් සමගම මෙම සඳහන් කිරීම සිදු කරන බවද  HNB Finance PLC පවසයි.

1999 වසරේ  පිහිටවුණු HNB Finance Limited සමාගම බැංකු, මූල්‍ය සහ රක්ෂණ යන GICS කාණ්ඩය යටතේ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කර තිබේ.

2020 ජනවාරි මාසයේදී HNB Finance Limited මගින් සිය පළමු මහජන කොටස් නිකුතුව සිදු කළ අතර, ඒ සඳහා ඉහළ දායකත්වයක් හිමි විය. එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 10,000,000ක් කොටසක් රුපියල් 5.70 බැගිනුත්, සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 298,200,000ක් කොටසක් රුපියල් 4.20ක මුදලකටත් මෙහිදී නිකුත් කෙරිණි.

ඒ අනුව ආයෝජකයන්ගෙන් ලැබුණු මෙම ඉහළ පිළිගැනීමත් සමගින්ම නව කොරෝනා ලොක්ඩවුන් සීමාවලින්  පසුව මැයි මාසයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ නිල වශයෙන් යළි විවෘත කිරීමෙන් අනතුරුව අලුත්ම ලැයිස්ගුගත සාමාජිකයා ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසින් HNB Finance Limited ඒ වෙත සාධරයෙන් පිළිගත්තේය.

Visits: 638