මහජන බැංකුවේ Made in Sri Lanka ණය ව්‍යාපෘතිය මාතරදී එළිදකී

රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව කෘෂි, වැවිලි, ධීවර, මැටි, බතික්, පිත්තල, මැණික් හා ස්වර්ණාභාරණ ඇතුඵ අනෙකුත් කර්මාන්ත වල නියුතුවූවන් වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදේශනය හා තාක්ෂණික සහය ඇතිව මහජන බැංකුව හඳුන්වාදෙන Made in Sri Lanka ණය ව්‍යාපෘතිය පසුගියදා උත්සවාකාරයෙන් දියත් කෙරිණි.

මාතර, තිහගොඩ, බටුවිට ප‍්‍රාදේශිය සභා කී‍්‍රඩාංගනයේදි පැවැත්වූ මෙම උත්සවය මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.

ඒ අනුව, ශී‍්‍ර ලංකා ආර්ථිකයේ සෞභාග්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන Made in Sri Lanka ණය ව්‍යාපෘතිය යටතේ ව්‍යවසායකයින්ට අස්වැන්න, වනිතා සවිය, Business Power හා කොවිඩ් 19 ප‍්‍රාග්ධන ණය පිරිනැමිණි. මීට සමගාමීව පොලතුගොඩ, පැතුම්ගම, බටුවිට, කහගල දකුණ, කහගල යන ගම්මාන වලින් සමන්විත මහජන බැංකු ක්ෂුද්‍ර මූල්‍ය ගම්මාන පියසේ ව්‍යවසායකයින්ගේ නිර්මාණ දැක්මක්ද සංවිධානය වී තිබේ.

මෙහිදි මහජන බැංකුවේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස කහගල දකුණ ක්ෂුද්‍ර මූල්‍ය ගම්මානයේ පුස්තකාලය සඳහා පොත් ප‍්‍රදානයක්ද සිදුකෙරුණු අතර, ක්ෂුද්‍ර මූල්‍ය ගම්මාන සමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් ඉදිරිපත් කළ ගායන සහ නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය.

දේශිය කර්මාන්ත නඟා සිටුවීම, අපනයන ප‍්‍රවර්ධනය කිරීම, ආනයන ආදේශන කර්මාන්ත බිහිකිරීම, දේශිය නිපැයුම්වල ගුණාත්මක වැඩි දියුණු කිරීම, දේශිය කර්මාන්ත ආශී‍්‍රත ස්වයං රැකියා ප‍්‍රමාණය වැඩිකිරීම, ප‍්‍රාදේශිය සංවර්ධනය යන අරමුණු වෙනුවෙන් මහජන බැංකුව Made in Sri Lanka ණය ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙම ව්‍යාපෘති ව්‍යාපාර සඳහා අවශ්‍ය උපදේශනය හා තාක්ෂණික සහය කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලබාදෙන අතර, විශේෂිත වූ මූල්‍ය පහසුකම් සම්පාදනය මහජන බැංකුව විසින් සිදුකරනු ලබයි.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මාතර ප‍්‍රාදේශිය කළමනාකාර ඩබ්ලිව්.එච් මහේෂ් කුමාර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (මාතර) ඕ.ජි.එස් පෙරේරා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ) වික‍්‍රම නාරායන, මාතර  ප‍්‍රාදේශිය කළමනාකාර අයි. කේ ඉන්දික, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (ප‍්‍රාදේශිය ණය ඒකකය) නිල්මිණි ගුණවර්ධන, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර සුජිත් කුමාරසිංහ, ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි ටී.එන් රූපසිංහ කඹුරුපිටිය කළමනාකාර ආර්, ගයාන් පද්ම, හක්මන ශාඛා කළමනාකාර ඩබ්ලිව් බී එම් ආර් වීරරත්න යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරින් හා ව්‍යවසායක ව්‍යවසායිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

Views: 133