ඩිලානෝ ඩයස් යළිත් ශ්‍රී ලංකා-ඔස්ට්‍රෙලියා-නවසීලන්ත ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ධුරයට

කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම යටතේ පවතින මිලර්ස් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලානෝ ඩයස් මහතා ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – නවසිලන්ත ව්‍යාපාර කවුන්සිලයේ (SLANZBC) සභාපතිවරයා ලෙස යළිත්වරක් තේරී පත්ව ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

පසුගිය ජූලි 22 වැනිදා මයික්‍රොසොෆ්ට් ටීම්ස් වැඩසටහන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා පැවැත්වුණු එම ව්‍යාපාර කවුන්සිලයේ 25 වැනි වාර්ෂික මහා රැස්වීමේදී මෙම පත් කිරීම සිදුව තිබේ. මෙම වාර්ෂික මහා හමුවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විසින් මාර්ගගතව සිදු කරන ලද බවද සඳහන් වෙයි.

මෙහිදී එම ව්‍යාපාර කවුන්සිලයේ උප සභාපතිවරුන් ලෙස ජිෆි ප්‍රඩක්ස්ට්හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් රාජපක්ෂ, ගුරුගේ ජෙම්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ දුලානි ගුරුගේ, ඊසීඩී ග්ලෝබල් පෞද්ගලික සමාගමේ සභාපති එමිල් ක්‍රොනෙම්බර්ග්, යුනිවර්සිටි කොලේජ් ලංකා හි ධනන්ජේ කුල්කර්නි යන මහත්ම මහත්මීන් පත්ව තිබේ.

එසේම 2020-2021 වසර සඳහා වන ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා-නවසීලන්ත ව්‍යාපාර කවුන්සිලයේ කමිටු සාමාජිකයන් ලෙස සමාගම් කිහිපයක්ද තෝරා පත් කරගෙන තිබේ. අබාන්ස් පීඑල්සී, AG ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම, එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් පෞද්ගලික සමාගම, CMA CGM ලංකා පෞද්ගලික සමාගම, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගම, හේලීස් ඇග්‍රිකල්චර් සමාගම, ඉන්ෆොමේට් පෞද්ගලික සමාගම, ඉන්ටර්නැෂනල් ඩිස්ටිලරීස් ලිමිටඩ්, මැලිබන් බිස්කට්ස් මැනියුෆැක්චරීස් පෞද්ගලික සමාගම, සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පෞද්ගලික සමාගම, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පෞද්ගලික සමාගම සහ වර්ල්ඩ්ලින්ක් එයාර් සර්විසස් පෞද්ගලික සමාගම එම සමාගම් බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

Visits: 159