අසිත තල්වත්ත කාර්ගිල්ස් (සිලෝන්) අධ්‍යක්ෂ මණ්ඩලයට

සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අසිත තල්වත්ත මහතා කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇතැයි කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ දේවා රොද්‍රිගෝ මහතා පසුගිය අගෝස්තු 27 වැනිදා සිට එම ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග පුරප්පාඩු වූ ධුරය සඳහා තල්වත්ත මහතා පත් කෙරී ඇත. ඒ අනුව 2020 අගෝස්තු 28 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක නව බව  ඇතැයි කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

අසිත තල්වත්ත මහතා ශ‍්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CASL) සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ඔහු ඕලන්දයේ (නෙදර්ලන්තයේ) වාගෙනින්ගන් විශ්ව විද්‍යාලයෙන් සහ ICASL වෙතින් ව්‍යාපාර හා මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලබා ඇති අතර සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ලබාගෙන ඇත.

ඒ මහතා වසර 37 කට වැඩි කාලයක් Ernst & Young සමාගම සමඟ වැඩ කර ඇති අතර ඉන් දශකයකට වැඩි කාලයක් කළමනාකරණ සහකරු ලෙස කටයුතු කළේය. ඔහු මහජන බැංකුවේ සහ SME(සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක) බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා දැනට Management Systems Ltd සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.

තවද, Diesel & Motor Engineering PLC, Sunshine Holdings PLC, Tokyo Cement Lanka PLC, CT Holdings PLC, Chevron Lubricants Lanka PLC and Lanka Hospitals PLC ඇතුළු තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයන්හි සේවය කරයි.

Views: 123