අබාන්ස් ෆිනෑන්ස්හි වැඩ බැලූ CEO ඩල්සි අයිවන් බ්‍රෝහියර් ඉන් ඉවත් වෙයි

අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ ඩල්සි අයිවන් බ්‍රෝහියර් මහත්මිය පසුගිය ජූනි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් වී  ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳ වන ලිපිය මහ බැංකුව වෙත යවා තිබූ බවත්, එහි සටහන්ව ඇති ආකාරයට බ්‍රෝහියර් මහත්මිය ධුරයෙන් ඉවත් වූ දිනය ලෙස 2020 ජූලි 30 වැනිදා සටහන්ව තිබේ. මෙලෙස ධුරයෙන් ඉවත්ව යන අවස්ථාව වනවිට ඩල්සි අයිවන් මහත්මිය සතුව සමාගමේ කිසිදු කොටසක් නොපැවති බව  පැවසෙයි.

පසුගිය ජනවාරි මාසයේ 10 වැනිදා ඇය මෙලෙස අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය බව ට පත්වූවාය.

පෙර ලිපිය –
ඩල්සි අයිවන් බ්‍රෝහියර් අබාන්ස් ෆිනෑන්ස් වැඩබලන ප්‍රධාන විධායක ධුරයට

Views: 218