ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 6.7%කින් ඉහළට

මේ වසරේ ජුනි මාසයේදී මෙරටට හිමි වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලින 572ක් බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් ජූනි මාසයට අදාළව නිකුත් කළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සටහන් වෙයි.

ඒ අනුව මෙය පසුගිය 2019 වසරේ ජූනි මාසයේදී වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ප්‍රමාණය වන ඩොලර් මිලියන 537ට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. ඒ අනුව කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු මෙම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනයක් වාර්තා කළ පළමු අවස්ථාවද මෙය වෙයි.

“ප්‍රධාන වශයෙන් මැදපෙරදිග රටවල සේවය කරන සංක්‍රමණික සේවකයින්ට ලැබුණු උත්සව දීමනා හේතුවෙන්, පෙර වසරේ ජූනි මාසය සමඟ සැසඳීමේදී 2020 ජූනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 572දක්වා 6.7% ක වැඩි වීමක් වාර්තා කර තිබේ.” මහ බැංකුව  පවසයි.

මේ අතර 2020 වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ මුල් මාස හය තුළදී වාර්තා වී ඇති සමස්ත විදේශ සේවා නියුන්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,980 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ප්‍රේෂණ මුදල හා සාපේක්ෂව 8.9%ක අඩුවීමකි.

Visits: 56