ආදායම් බදු ගෙවන්නන් අගෝ 15ට පෙර SET ප්‍රකාශය ඉදිරිපත් කරන්නලු

ආදායම් බදු ගෙවීමට යටත් වන සෑම තැනැත්තෙකු විසින්ම තක්සේරු වර්ෂ 2020/2021 සඳහා භාර දිය යුතු ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය (Statement of Estimated Tax Payble – SET Form) අගෝස්තු 15 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 3කට වැඩි වේ යැයි අපේක්ෂා කරන පුද්ගලයින් හා බදු අය කළ හැකි ඇස්තමේන්තුගත ආදායමක් තිබේ යැයි අපේක්ෂා කරන අස්ථිත්ව (සමාගම්, හවුල් ව්‍යාපාර සහ භාර අරමුදල් යනාදිය) සඳහා මෙම ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුව ඇත.

කෙසේ වෙතත් 2020 අගෝස්තු 07 වැනි දින වන විටත් මෙම SET ආකෘතිය නොලැබී ඇත් නම් සිය ප්‍රධාන කාර්යාලයේ සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශයෙන් හෝ, දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කරගැනීම් සඳහා කොමසාරිස් – සේවාදායක උපකාරක හා ප්‍රවර්ධන අංශය 0112134205 හෝ කොමසාරිස් ව්‍යාපාර උපදේශන අංශය -011 2134204 දුරකතන අංක හරහා ඇමතිය හැකි බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 80