ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1,360 ක ප්‍රදානයක්

රජයේ කොවිඩ්-19 ව්‍යසනය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360) ආධාර ලබාදීමට ජපාන රජය එකඟතාවය පළකර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම අනුව මෙම ප්‍රදානය සිදු කෙරී තිබේ. මෙහිදී MRI Scanner, CT Scanner, Bed Side X-Ray Systems, Central Monitors, Bedside Monitors and Defibrillators යනාදී නවීන වෛද්‍ය උපකරණ සම්පාදනය වෙනුවෙන් මෙම මුදල් ලබා දී තිබේ..

මෙම ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අද, එනම් 2020 පුලි 08 දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒස්.ආර්. ආටිගල මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සුගියමා අකිරා මහතා විසින් අත්සන් තබන ලදී.

ශ්‍රී ලාංකික ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් අනුගමනය කළ කඩිනම් හා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් රටතුළ මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට හැකිවී තිබුන ද, කොවිඩ් – 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වී ඇතැයි රජය පවසයි.

ඒ සඳහා නවීන වෛද්‍ය උපකරණ හා ගුණාත්මක මානව සම්පත් වලින් සමන්විත අතිරේක වෛද්‍ය ප්‍රතිකාර ඒකක දිවයිනේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Views: 40