සිනමන් හෝටල් 09 කදී සුවවිරු සේවා පැකේජ 2,000 ක් නොමිලේ
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/06/obe-dinwima-main-1024x205.jpg)
කොවිඩ්-19 වසංගතය අවස්ථාවේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර කිරීම පිණිස සිනමන් හෝටෙල්ස් – සිනමන් රිසෝට්ස් වෙතින් නොමිලේ ප්‍රදානය කරන්නට යෙදුණු ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ පැකේජය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව සිනමන් හොටෙල්ස් සහ රිසෝට්ස් සමාගම පවසයි.
මෙහිදී ෆුල් බෝර්ඩ් මාදිලියේ නිවාඩු පැකේජ 2,000 ක් ප්‍රදානය කෙරී ඇති අතර, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් වෙත අයත් පරිශ්‍ර 09 කදී මෙම පහසුකම් සැලසෙන බවත් මෙම අවස්ථාව සංවිධානය කරන සිනමන් ට්‍රැවල් සඳහන් කරයි.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ලංකාව පුරාම වෙසෙන සුව සේවා විරුවන් සිය පවුල්වල සාමාජිකයන්ද සමගින් මෙම හෝටල් වෙත පැමිණි බව සඳහන් වෙයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/07/106533424_3017529118332860_8569292496305147207_o-768x1024.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/07/106230816_3017530471666058_8804392909020875571_o-768x1024.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/07/106528734_3017531088332663_1124392863153681582_o-768x1024.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 46