කොටස් වෙළෙඳ පොළට SME සහ නව ව්‍යාපාර ආකර්ෂණයට SCE වෙතින් නව රෙගුලාසි

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර SME සහ අලුතින් ආරම්භ කෙරෙන ව්‍යාපාර නොහොත් ස්ටාර්ට් අප්ස් Startups කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලැයිස්තුගතවීම සඳහා ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය ලෙස ලැයිස්තුගතවීම් සඳහා දැනට පවතින රෙගුලාසි වෙනුවට නව රෙගුලාසි සහ සංශෝධන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව SEC පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව වඩාත් හොඳින් ක්‍රියාත්මක සුරැකුම්පත් වෙළෙඳ පොළක් කේන්ද්‍ර කරගනිමින් සුදුසු ලෙස නව ලැයිස්තුගත ප්‍රමිතීන් සකස් කිරීම මෙහි අරමුණ වී තිබේ. මෙම රෙගුලාසි මගින් වෙළෙඳපොළ වෙත සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් තවදුරටත් සමාලෝචනය කිරීමක සිදු කරන බවත් පැවසෙයි.

“මෙහිදී වෙළෙඳ පොළ ප්‍රවනතාව අනුව සකස් වෙන ලැයිස්තුගත කිරමේ ක්‍රියාරාමුවක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අදහස් කරගෙන තිබෙනවා. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අලුතින් ආරම්භ කෙරෙන ව්‍යාපාර යනාදී වැඩි සමාගම් වෙත ලැයිස්තුගතවීමටත්, ප්‍රාග්ධනය වෙත ප්‍රවේශවීමේ අවස්ථාවත් ලබා දෙන ලෙස නියාමන කටයුතු කාර්යක්ෂම කිරීම අරමුණයි.” සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙහිදී එම කොමිෂන් සභාව 1987 සංශෝධිත  අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 24 වැනි වගන්තිය යටතේ අදාළ අනුමැතියන් ලබා දී තිබේ.

මෙම රෙගුලාසි පිළිබඳ වැඩි දුර තොරතුරු ඉදිරියේදී ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ හරහා ඉදිරිපත් කෙරෙනු ඇත.

පෙර ලිපි –
“කොටස් වෙළෙඳපො‍ළ වෙත මීට වඩා වැඩි සමාගම් ලැයිස්තුගතවීමක් අවශ්‍යයි”- සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති

Visits: 171