චන්න මනෝහරන් SLASSCOM හි නව සභාපති ලෙස පත් කෙරේ

ව්‍යාපාර කළමනාකරණ උපදේශන සමාගමක් වන ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ශ්‍රී ලංකා (PwC Sri Lanka) හි උපදේශකත්ව නායක චන්න මනෝහරන්  මහතා ශ්‍රී ලංකාවේ මෘදුකාංග සහ සේවා සමාගම් පිළිබඳ සංගමයේ (SLASSCOM) නව සභාපතිවරයා ලෙස පත් කෙරී ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා වර්චුවල් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු SLASSCOM හි වාර්ෂික මහා සභා රැස්වීමේදී ගනු ලැබී තීරණයකට අනුව මෙම නව පත් කිරීම සිදු ව තිබේ. මෙම නව පත් කිරීමත් සමගින්ම එම සංගමයේ නව මණ්ඩලයද පත් වීම සිදුව ඇත.

20කට අධික කාලයක් පුරා PwC Sri Lanka හි සේවය කරමින් චන්න මනෝහරන් මහතා බහු-ජාතික සමාගම් වෙත මෙන්ම ශ්‍රී ලංකාවේද විවිධාංගීකරණය වූ සමාගම් වෙත කළමනාකරණ උපදේශන සහ උපදේශකත්ව සේවා ලබා දීමේ අත්දැකීම් සමුදායකින් සමන්විත බවත් සඳහන් වෙයි.

ඒ මහතා මීට පෙර 2015 වසරේ සිට SLASSCOM හි මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. එසේම ඒ මහතා කලක් SLASSCOM මහා සභාවේ, අලෙවිකරණ ෆෝරමයේ, බී.පී.එම්. ෆෝරමයෙහි සහ ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන යන ෆෝරමවලද සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

මෙම නව තනතුර පිළිබඳව අදහස් දක්වන චන්න මනෝහරන් මහතා, “SLASSCOM හි සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මා ලද  ඉමහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙවැනි අභියෝගාත්මක කාලසීමාවක් පසුකරමින් සිටින අවස්ථාවේදී අපගේ කොටස්කරුවන් වෙත සහයෝගය ලබා දෙමින් ව්‍යාපාර සහ සංවිධාන හෙට දිනය වෙත ඉතා හොඳින් ගොඩනැගීම සහ වර්ධනය සඳහා කටයුතු කිරීම අපගේ අවධානයට යොමු විය යුතුයි.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මනෝහරන් මහතා සිය කර්මාන්තයේ ඉදිරිය තවදුරටත් ධනාත්මකව පවතින බවත්, ප්‍රධාන වෙළෙඳ පොළ තුළ ඩිජිටල් යොදවා ගැනීම්හි සිදුවන වර්ධනයත් සමගින්ම සිය කර්මාන්තය වෙත පවතින අවස්ථාවන් ඉහළ යන බවත් පවසා ඇත.

Visits: 53

Leave a Reply

Your email address will not be published. Required fields are marked *