පෞද්ගලික ජෙට් යානා ගාල් කිරීමටත් මත්තලින් ආරාධනා
පෞද්ගලික ජෙට් යානා ගාල් කිරීමටත් මත්තලින් ආරාධනා
කෝවිඩ්-19 වසංගතය අවස්ථාවේදී පනවා ඇති සංචාරක තහනම් හේතුවෙන් සිය ගුවන් ගමන් නවත්වා තිබෙන ලොව ජෙට් ගුවන් යානා සමාගම් සතු ජෙට් යානා ඇතුළුව පෞද්ගලික ජෙට් ගුවන් යානා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ගාල් කර තැබීමේ අවස්ථාව ලබාදීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.
එම සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා මේ සඳහා වන ආරාධනාව අදාළ සමාගම් වෙත ඉදිරිපත් කර තිබේ.
“කෝවිඩ්-19 වසංගතයෙන් පසු තත්ත්වයේදී ජෙට් ගුවන් යානා බොහෝමයක්ම ගොඩබස්වා ඇති පසුබිමක, එම ගුවන් යානා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගාල් කර තැබීමේ පහසුකම් පවතින බවට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම ලෙස ඔබ සමාගම් වෙත ආරාධනා කරන්න කැමතියි.”
ඒ අනුව මෙම ජෙට් ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ තුළ ගාල් කිරීමට අදාළව, එම ගුවන් තොටුපොළ මගින් ලබා දෙන පහසුකම් සහ එහි ඇති හැකියාවන් සම්බන්ධයෙන් සඳහන් කරමින් සමාගම දැනටමත් පත්‍රිකාවක්ද සකස් කර තිබේ.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/94482677_3072802942786798_2000423886180581376_n-1024x723.jpg)
මෙහිදී දිගුකාලීනව මෙම ජෙට් ගුවන් යානා ගාල් කරතැබීමක් වෙනුවෙන් වඩාත් ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කළ හැකි බවත්, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් ඉහත සඳහන් කළ පත්‍රිකාවේ ඇති දුරකතන අංක හරහා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම ඇමතිය හැකි බවත් සභාපතිවරයා සඳහන් කර ඇත.
මෙහිදී ග්ලෝබල් එක්ස්ප්‍රස්, ගල්ෆ් ස්ට්‍රීම්, එම්බ්‍රේයර්, බෝම්බ්රෙයිඩර්, බෝයිං සහ බීච් ක්‍රාෆ්ට් යනාදී මාදිලි ඇතුළුව සියලුම ආකාරයේ පෞද්ගලික ජෙට් ගුවන් යානා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගාල් කළ හැකි බව මෙම පත්‍රිකාවේ සඳහන් වෙයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/unnamed-6.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 66