ඩොලරයක වටිනාකම රුපියල් 200 ඉක්මවයි

ඩොලරයක වටිනාකම රුපියල් 200 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද (2020 අප්‍රේල් 08) දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 200.46ක් බවට පත් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද පෙරවරු 9.30ට පවතින විනිමය අනුපාත වටිනාකම් පිළිබඳව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබේ.

ඩොලරයක වටිනාකම රුපියල් 200 ඉක්මවූ පළමු අවස්ථාව බවටත් මෙය ඉතිහාසයට එක්ව තිබේ. පසුගිය සඳුදා දිනයේදී එය රුපියල් 199.40 අගයක පැවතුණි. ඒ අනුව මෙය රුපියලේ වටිනාකම 4.7% කින් අවප්‍රමාණය වීමකි. එසේම අද දිනය වනවිට ඩොලරයේ ගැනුම් මිල සඳුදා පැවැති රුපියල් 193.35 අගයේ සිට රුපියල් 193.95ක් දක්වා ඉහළ නැග තිබේ.

COVID-19 වසංගත තත්ත්වය නිසා රටෙහි ආර්ථිකය වෙත එල්ල වී ඇති පීඩනයත්, ආසන්න දින දෙකේදී රජය රට තුළ විදේශ විනිමය තැන්පතු ආරක්ෂා කරගැනීම සඳහා ගත් තීරණත් මෙලෙස රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණයවීමට හේතුවන්නට ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

Views: 68