කොළඹ කොටස් වෙළෙඳ පොළට හෙටත් (31ත්) නිවාඩු

කොළඹ කොටස් වෙළෙඳ පොළට හෙටත් (31ත්) නිවාඩු

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට (මාර්තු 31දා) දිනයේදීද ගනුදෙනු සඳහා වසා දැමීමට තීරණය කර තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි.

දැනට කොළඹ ඇතුළුව දිස්ත්‍රික්ක රැසක් වෙත දින නියමයක් නොමැතිව පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහන් කරයි.

ඒ අනුව හෙට දිනය වෙළෙඳ පොළ නිවාඩු දිනයක් ලෙස සැලකෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

ගනුදෙනු සඳහා වසා දැමුණද, කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් වෙත සිය සාංගමික නිවේදන www.cse.lk වෙබ් අඩවිය තුළ යාවත්කාලීන කිරීම සඳහා වන අවසරය ලබා දීමට කොළඹ කොටස් වෙළෙඳ බලධාරීන් පියවර ගෙන ඇත.

Views: 84