රටෙහි ආර්ථිකය ස්ථාවර කිරීමට ජනපති මහ බැංකු ප්‍රධානීන් හා සාකච්ඡාවක

රටෙහි ආර්ථිකය ස්ථාවර කිරීමට ජනපති මහ බැංකු ප්‍රධානීන් හා සාකච්ඡාවක

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මෙරට ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා කෙටි කාලීනව සහ මැදිකාලීනව ගත හැකි පියවර පිළිබඳව මහ බැංකු ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ජනපතිවරයාගේ මූලිකත්වයෙන් ඊයේ ජනපති මන්දිරයේදී පැවැත්වී තිබේ.

මේ සඳහා මහ බැංකුවේ අධිපති ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රැසක්ද සහභාගි වී තිබේ. එසේම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද මීට සහභාගි වී ඇත.

Visits: 49