සම්පත් බැංකු 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කල් යයි

සම්පත් බැංකු 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කල් යයි

රට තුළ පවත්නා වාතාවරණය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සම්පත් බැංකුවේ 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීමට සිය අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව සම්පත් බැංකුව නිවේදනයක් මගින් සිය සියලුම කොටස්  හිමියන්ට දැනුම් දී සිටියි.

මාර්තු 30 වැනිදා පෙරවරු 9.30ට කොළඹ කිංග්ස්බරි හෝටලයේ ‘බැල්මොරල්’ ශාලාවේදී මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි.

රටෙහි තත්ත්වය සාමාන්‍ය අතට පත්වීමෙන් පසුව වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන බවත් සම්පත් බැංකුව පවසයි.

එසේම මේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමියන් වෙත සිදුවන අපහසුතාව පිළිබඳව සිය බලවත් කණගාටුව  ප්‍රකාශ කරන බවත් සම්පත් බැංකුව පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 136