ධම්මික පෙරේරා ලබා දුන් ICU වෙන්ටිලේටර් කට්ටල 6 IDH රෝහලේ සවි කෙරේ

ධම්මික පෙරේරා ලබා දුන් ICU වෙන්ටිලේටර් 6 IDH රෝහලේ සවි කෙරේ

මෙරට අංක එකේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ධනවතෙකු වන වැලිබල් වන් පීඑල්සී හි සභාපති ධම්මික පෙරේරා මහතා ඔහුගේ ධන පරිත්‍යාගයෙන් මෙරටට ගෙන් වූ ICU ඇඳ  හයක් සහ ඊට අදාළ වෙන්ටිලේටර් කට්ටල හයක් IDH රෝහල වෙත ඊයේ දිනයේදී භාරදී ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට රට තුළ ව්‍යාප්තව පවතින COVID-19 වසංගතය පාලනය සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් රැසක්ම සිය මුදල් පරිත්‍යාගය හරහා ලබා දීමට ධම්මික පෙරේරා මහතා පසුගියදා පොරොන්දු ලබා දුන්නේය. ඒ සඳහා ඔහු සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 70ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙරටට ඉතා අත්‍යවශ්‍යව තිබූ මෙම ICU ඇඳන් හය සහ වෙන්ටිලේටර් කට්ටල හය IDH රෝහලේ අලුතින් ඉදිවූ දැඩි සත්කාර ඒකකය තුළ සවි කිරීම ඊයේ සිදු විය. මේවා ස්විට්සර්ලන්තයේ සිට ගුවන් මගින් ගෙන් වූ ඒවා බව පැවසෙයි.

මෙම COVID-19 වසංගතය මෙරට තුළ පාලනය සඳහා සිය ධන පරිත්‍යාගයක් සිදු කරන බවට ප්‍රකාශ කළ මෙරට පළමු ව්‍යාපාරිකයා වූයේද ධම්මික පෙරේරා මහතාය. එම මුදලින් තමන් ගුවන් මගින් දැඩිසත්කාර ඇඳන් සහ වෙන්ටිලේටර් කට්ටල හයක් මෙන්ම නැව් මගින් දැඩි සත්කාර ඇඳන් 169ක් ඇතුළුව රෝහල් ඇඳන් 485ක් ගෙන්වන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

Views: 34