ලක්ෂ පහකට නවතම මරුටි සුසුකි 800CC මාදිලියක් හඳුන්වාදීමට යයි

ලක්ෂ පහකට නවතම මරුටි සුසුකි 800CC මාදිලියක් හඳුන්වාදීමට යයි

කලකට පෙර මෙරට තුළ  ඉහළ ජනප්‍රියත්වයක් හිමිව තිබූ මරුටි සුසුකි 800CC මාදිලියේ නව රථ පෙළක් හඳුන්වාදීමට ඉන්දියාවේ මරුටි සුසුකි සමාගම සැලසුම් කරමින් සිටින බව “Economy & Business Sri Lanka” වෙත වාර්තා වෙයි.

මරුටි සුසුකි කළමනාකාර අධ්‍යක්ෂ කෙයින්චි අයුකාවා පසුගියදා ඉන්දීය මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය තිබේ. ඒ අනුව “entry level” අවස්ථාව ලෙස නව මාදිලියේ මෝටර් රථ දෙකක් එළිදැක්වීම අරමුණ වී ඇත. ඒ අතරින් එක් රථයක් 800CC ලෙස සකස් කිරිම සැලසුම වී ඇති අතර, අනෙකේ එන්ජින් ධාරිතාව ලීරටයකි. කෙසේ වෙතත් මෙම රථ දෙකම ඉන්දීය රුපියල් ලක්ෂ 5කට මිල කෙරී තිබේ.

මේ වනවිට ඉන්දියාවේ පිහිටි මරුටි සුසුකි සමාගම හරහා 800CC මාදිලිය යටතේ ඇල්ටෝ රථ සහ ලීටරයක එන්ජින් ධාරිතාව යටතේ සෙලෙරියෝ යන මාදිලි ඉදිරිපත් කරයි.

සැලසුමට අනුව සමාගම අලුතින්  හඳුන්වාදෙන 800CC මාදිලිය YOM කේත නාමයෙන් ඉදිරිපත්ව තිබේ. දැනට වෙළෙඳ පොළේ ඇති ඇල්ටෝ මාදිලිය වෙනුවට එය හඳුන්වාදීම සැලසුම වී තිබේ.  එසේම ලීටරයක එන්ජින් ධාරිතාව සහිත නව රථය YNC යන කේත නාමයෙන් ඉදිරිපත්ව ඇත. එය සෙලාරියෝ මාදිලිය වෙනුවට ඉදිරිපත් කිරීම සැලසුම වී තිබේ. මෙම නව රථ දෙකම වසර 2021 දී එළිදැක්වෙනු ඇතැයි පැවසෙයි.

1983 වසරේදී නිෂ්පාදනය ආරම්භ වූ මරුටි සුසුකි 800CC මාදිලිය එම සමාගමේ වඩාත් ජනප්‍රියතම මෝටර් රථ මාදිලියක් විය.  එය ඉන්දියාවේ මතු නොව ශ්‍රී ලංකාවේද වඩාත් ඉල්ලුමක් සහිත රථයක් බවට පත්විය. කෙසේ වෙතත් 2014 වසරේදී මෙම මරුටි සුසුකි 800CC මාදිලිය නිෂ්පාදනය අත්හිටවුණි. ඒ වනවිටත් ඉන්දියාව තුළ පමණක් මෙම මාදිලියේ රථ මිලියන 2.66ක් අලෙවි වී තිබූ බව පැවසෙයි.

අද වනවිට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් වන හුන්ඩායි මෝටර් ඉන්දියා සහ ටාටා මෝටර්ස් යන සමාගම් මෙවැනි “entry level” අවස්ථාව සඳහා මෝටර් රථ නිපදවීම අත්හිටුවා ඇති පසුබිමක මරුටි සුසුකි සමාගම මෙම නව රථ හඳුන්වාදීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් නව ආරක්ෂක සහ අහිතකර වායු විමෝචනය අහිමි කිරීම පිළිබඳ කාරණා සම්පූර්ණ කිරීමත් යන හේතු නිසා අද වනවිට කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් අඩු මිලකට නිපදවීම අභියෝගයක් බව මරුටි සුසුකි කළමනාකාර අධ්‍යක්ෂ කෙයින්චි අයුකාවා පවසා සිටියි.

Visits: 395

Leave a Reply

Your email address will not be published. Required fields are marked *