සමාජ මාධ්‍ය වාරණය නිසා වැඩි බලපෑමට ලක්වෙන්නේ කාන්තා ව්‍යවසායකයන් – IPS ආයතනය පවසයි

සමාජ මාධ්‍ය වාරණය නිසා වැඩි බලපෑමට ලක්වෙන්නේ කාන්තා ව්‍යවසායකයන් – IPS ආයතනය පවසයි

විවිධ හේතූන් මත සිදු කෙරෙන මෙරට සමාජ මාධ්‍ය වාරණයට ලක් කිරිම් නිසා අන් කවරෙකුටවත් වඩා කාන්තා ව්‍යවසායිකාවන් වෙත ඉහළ බලපෑම් එල්ල වන බව හඳුනාගෙන ඇතැයි “ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies)” සඳහන් කරයි. 

අර්ධ රාජ්‍ය පර්යේෂණ ආයතනයක් වන මෙම IPS ආයතනය පසුගිය වසර කිහිපයේදී මෙරට සිදුවුණු සමාජ මාධ්‍ය වාරණයට ලක්වීම් පිළිබඳව සිදුකළ විමසීමක ප්‍රතිඵල ඉදිරිපත් කරමින් මේ කරුණු අනාවරණය කර සිටියි. එම ආයතනයේ පර්යේෂකයන් වන කිත්මිණ හේවගේ සහ හරිනි වීරසේකර යන දෙපළ මෙම අධ්‍යයනය සිදු කර තිබේ. 

එහිදී විශේෂයෙන්ම වැඩි වශයෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ මට්ටමේ ව්‍යවසායන් පවත්වාගෙන යන කාන්තාවන් වෙත මින් දැඩි ලෙස හානි සිදුව ඇත. ඔවුන් සියලු දෙනාම සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අද වනවිට මෙම සමාජ මාධ්‍ය බහුලව යොදා ගැනීම ඊට හේතුව වී තිබේ.

මෙහිදී ඔවුන් ෆේස්බුක් සහ ඉන්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය යොදා ගනිමින් පවත්වාගෙන යන ව්‍යාපාර 50ක නියැදියක් සිය අධ්‍යයනය සඳහා යොදා ගෙන ඇත. මෙම ව්‍යාවසායන් සියල්ලම පාහේ සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මෙම සමාජ මාධ්‍ය වේදිකාවක් කරගත් ඒවා වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම අධ්‍යයනය සඳහන් කරන ආකාරයට සමාජ මාධ්‍ය වාරණයකට ලක්වන අවස්ථාවකදී, මෙවැනි නිෂ්පාදනයන්හි අලෙවිය 83% කින් පමණ කඩා වැටෙන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් බහුතරයක් 40%ක පමණ ආදායම් අහිමිවීමකට මුහුණ දී ඇත.

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසන ආකාරයට අද වනවිට සමාජ මාධ්‍ය පාදක කරගත් මෙම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් අතරින් 70%කම හිමිකාරීත්වය පවතින්නේ කාන්තාවන්ටයි. එසේම මෙම ව්‍යවසායන් අතරින් 70%කට පමණ ඇත්තේ එක් සේවකයෙකු හෝ දෙදෙනකු පමණකි. මීට අමතරව මෙම ව්‍යාපාර හිමිකරුවන් අතරින් 8%ක්ම වයස අවුරුදු 30ට වඩා අඩු වයසේ පසුවන්නන් බවත් හඳුනාගෙන තිබේ.

Visits: 70

Leave a Reply

Your email address will not be published. Required fields are marked *