ජනශක්ති ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවට

ජනශක්ති ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවට

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගම සිය Watch List ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස එහි මූලික රෙගුලාසි සම්පූර්ණ කිරීමට නොහැකි වන සමාගම් මෙලෙස එහි Watch Listලැයිස්තුව වෙත ඇතුළත් කෙරේ.

ඒ අනුව, 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට එම සමාගම සිය අන්තර් මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස Watch List ලැයිස්තුවට ඇතුළත් කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසා සිටියි.

1992 වසරේදී ඔක්තෝබර් 29 වැනිදා ජනශක්ති ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ලෙස ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම පිහිටුවුණි. එසේම 1994 වසරේදී මෙරට පළමු විශේෂිත ජීවිත රක්ෂකයා ලෙස ජනශක්ති ලයිෆ් ජීවිත රක්ෂණ සමාගම පිහිටවුණි. පසුව 1995 වසරේදී ජනශක්ති ජනරල් ඉන්ෂුවරන්ස් සමාගම පිහිටුවීම සිදු විය. අනතුරුව 1999 වසරේදී එම සමාගම් දෙකම ඒකාබද්ධ කර මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.

2015 වසරේදී ඉදිරිපත් වූ රක්ෂණ සමාගම් නියාමන රෙගුලාසි හේතුවෙන් ජනශක්ති සමාගම යළිත් සිය මෙහෙයුම් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ලෙස බෙදා වෙන් කිරිමකට ලක් කර අතර, එහිදී ජීවිත රක්ෂණ මෙහෙයුම් සඳහා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී බිහි වූ අතර, සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් සඳහා ජනශක්ති ජනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් බිහි විය.

2018 පෙබරවාරි මාසයේදී ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සිය ජනශක්ති ජනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් ප්‍රමාණය Allianz සමාගම වෙත රුපියල් බිලියන 16.4කට අලෙවි කිරීමට පියවර ගැනුණි. ඒ අනුව ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සතුව දැන් පවතින්නේ ජනශක්ති ලයිෆ් රක්ෂණ මෙහෙයුම් පමණකි.

Visits: 488

Leave a Reply

Your email address will not be published. Required fields are marked *