ඔබේසේකර පුර නිවාස 300ක් ඉදිකිරීම සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් වෙත
ඔබේසේකර පුර නිවාස 300ක් ඉදිකිරීම සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් වෙත
රාජගිරිය අරුණෝදය මාවත, ඔබේසේකර පුර නිවාස ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ඉදිකිරීම සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය ඊයේ හිමි විය.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙහිදී වර්ග අඩි 550ක් බැගින් වූ නිවාස 300ක් ඉදිකිරිම සැලසුම වී තිබේ. ඒ සඳහා වන වියදම රුපියල් මිලියන 1,723.25කි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව මෙලෙස සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් සමාගම වෙත ප්‍රදානය කෙරී ඇත.
කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය පහසුකම් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.
Hits: 49