Class M11 මාදිලියේ අවසන් දුම්රිය එන්ජින් දෙකත් මෙරටට ගෙන්වයි

Class M11 මාදිලියේ අවසන් දුම්රිය එන්ජින් දෙකත් මෙරටට ගෙන්වයි

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ Class M11 අවසන් දුම්රිය එන්ජින් දෙකත් පසුගිය බදාදා කොළඹ වරායට ළගා වූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි. ඒ අනුව මේ වනවිට මෙම M11 පන්තියේ දුම්රිය එන්ජින් 10ක් මෙරටට ගෙන්වා තිබේ. 

එහිදී අංක 949 සිට මෙම ආනයනය කළ දුම්රිය අංකනය කෙරී ඇත. ඒ අනුව මෙම දුම්රිය එන්ජින් දෙක අංක 957 සහ 958 ලෙස අංකනය කර තිබේ. ඒවායේ වර්ණ තද නිල් සහ කහ වර්ණයයි. මෙම එක් එන්ජිමක බර ටොන් 130කි.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙම Class M11 දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වීම සිදු කර තිබේ. වරණාසි නුවර පිහිටි ඩීසල් ලොකොමොටිව් වර්ක්ස් නම් කර්මාන්තශාලාවේදී මෙම එන්ජින් නිපදවා ඇත. ඩීසල් බලයෙන් ක්‍රියාත්මක මෙම එන්ජින්හි බලය අශ්වබල 3000 කි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් වෙයි. 

ඡායාරූප – තරිදු නිරෝෂාන්

Visits: 41

Leave a Reply

Your email address will not be published. Required fields are marked *