COVID-19 වෙනුවෙන් දියුණු වෙන රටවල ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 12ක්

COVID-19 වෙනුවෙන් දියුණු වෙන රටවල ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 12ක්

ලොව පුරා ව්‍යාප්ත වන COVID-19 වෛරසය හේතුවෙන් දියුණු වෙමින් පවතින රටවලට ඇති වන සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් වෙත මුහුණ දීමට ක්ෂණික මුදල් ආධාරයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 12ක කඩිනම් ආධාර පැකේජයක් ඉදිරිපත් කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන ඇතැයි පවසයි.

මෙහිදී එම මුදල් මගින් ලෝක බැංකුව දියුණු වෙමින් පවතින රටවල ජනතාව මෙම වසංගතයෙන් ගලවා ගැනීම සඳහා වන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රෝගය පිළිබඳව සුපරීක්ෂණයේ යෙදීම තවදුරටත් ශක්තිමත් කිරීම, මහජන සෞඛ්‍ය කාරණා වෙත දායකවීම ඉහළ නැංවීම යනාදී සාක්ෂාත් කරගැනීම අරමුණයි.

එසේම මෙම වෛරසය නිසා සිදුවන ආර්ථික බලපෑම අවම කරගැනීම සඳහා පෞද්ගලික අංශයත් සමගින් කටයුතු කිරීමත් මීට අයත් වෙයි.

මෙම ඩොලර් බිලියන 12ක මුදලින් බිලියන 8ක් කඩිනම් පදනම යටතේ ලබාදීමට තීරණය වී ඇත. එහිදී යළිගොඩනැගීම සහ සංවර්ධන සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD – International Bank for Reconstruction and Development) මගින් ඩොලර් බිලියන 2.7ක්, ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA – International Development Association) මගින් ඩොලර් බිලියන 1.3ක් , තවත් බිලියන 2ක් IBRD හි ප්‍රතිප්‍රමුඛතාව යටතේ ලබාදීමත්, බිලියන 6ක් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC – International Finance Corporation) හරහාත්, තවත් බිලියන 2ක් එහි දැනට පවතින වෙළෙඳ පහසුකම් යටතේත් ලබා දීමට කටයුතු යෙදී ඇත.

විශේෂයෙන්ම ලොව විවිධ රටවල් මෙම COVID-19 හේතුවෙන් විවිධ මට්ටමේ අවදානම් සහ අනතුරට භාජනය විය හැකි තත්ත්වයන් වෙත මුහුණ දී ඇති බවත්, ඒ හේතුවෙන් එම රටවලට එකිනෙකට වෙනස් මට්ටම්වලින් ආධාර අවශ්‍ය බවත් ලෝක බැංකු සමූහය පවසයි. ඒ අනුව මෙහිදී වඩාත් දුප්පත් භාවය සහ අවදානමේ අනතුර යනාදී කරුණුවලට ප්‍රමුඛතාව ලැබෙන ලෙස මෙම සහාය ලබා දෙනු ඇතැයි ලෝක බැංකු සමූහය මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *