නැති වූ දුරකතන ගැන පැමිණිලි කිරීමට TRC සහ පොලිසිය එක්ව iNeedPolice හඳුන්වා දෙයි

නැති වූ දුරකතන ගැන පැමිණිලි කිරීමට TRC සහ පොලිසිය එක්ව iNeedPolice හඳුන්වා දෙයි

යම් කිසි අවස්ථාවකදී අපගේ ජංගම දුරකතන නැති වීමට හෝ සොරා ගැනීමකට ලක් වුවහොත් ඒ පිළිබඳව පොලිස් ස්ථානයකට නොගොස් අන්තර්ජාලය හරහා පැමිණිලි සිදු කළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කටයුතු යොදා තිබේ.

iNeedPolice ලෙස හඳුන්වා දී ඇති මෙම සේවාව ලබා ගැනීම සඳහා ජංගම දුරකතන හිමියන් පළමුව ඊට ලොග් විය යුතුය. http://www.ineed.police.lk/යන වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදු කළ හැකිය.

මෙහිදී සොරා ගැනීමකට ලක් වූ හෝ නැති වූ ජංගම දුරකතනය යළි සොයා ගැනීමට එහි IMEI අංකය අනිවාර්යය බව එහි සඳහන් වෙයි. ඒ අනුව *#06#ඩයල් කිරීමෙන් මෙම අංකය ලබා ගත යුතුව ඇති බවත්, අංක 15කින් යුත් මෙම අංකය මතකයේ තබා ගැනීම හෝ ලියා තබා ගැනීම සුදුසු බවත්, අනාගතයේදී එය අතිශය වැදගත් වන බවත් ඔවුන් පවසයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112423947 හෝ 0112421111 හරහා ශ්‍රී ලංකා පොලිසිය ඇමතීමෙන් ලබා ගත හැකි බවද iNeedPolice සේවය සඳහන් කරයි.

Visits: 63

Leave a Reply

Your email address will not be published. Required fields are marked *