ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

ලොකු ලූණු සඳහා රජයේ අවම සහතික මිල ඉහළට

ලොකු ලූණු කිලෝවක් සඳහා මෙතෙක් රුපියල් 60ක්ව පැවැති අවම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇතැයි රජය පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලබාදුන් නියෝගයකට අනුව මෙම අවම සහතික මිල ඉහළ නැංවී තිබේ.

“ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේදී ගොවීන්ට සාධාරන මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. එබැවින් මෙරට ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර, ලොකු ලූණු ආනයනය වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද වැය විය.” අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ලූණ සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම සහ ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අගමැතිවරයා කැබිනට් මණ්ඩලය වෙත කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ අතර, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක්ද නියම කිරීමට රජය කටයුතු යොදා ඇත.

Visits: 39

Leave a Reply

Your email address will not be published. Required fields are marked *