අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List වෙතින් ඉවතට

අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List වෙතින් ඉවතට

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි Watch List ලැයිස්තුව වෙත ඇතුළත්ව තිබූ අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී (Anilana hotels and properties plc) සමාගම මාර්තු 04 වැනිදා සිට ඉන් ඉවත් කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස එහි මූලික රෙගුලාසි සම්පූර්ණ කිරීමට නොහැකි වන සමාගම් මෙලෙස එහි Watch List ලැයිස්තුව වෙත ඇතුළත් කෙරේ.

එහිදී 2018 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ වර්ෂය වෙනුවෙන් සිය වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම ඇතුළු තවත් සමාගම් අටක් එම වසරේ නොවැම්බර් 29 වැනිදා දිනයේ සිට මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු යෙදීය. එහිදී 2018 දෙසැම්බර් 07 දක්වා කාලසීමාවක්ද අදාළ කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් එම සමාගම් වෙත ලබා දී තිබුණි.

මේ අතර 2020 පෙබරවාරි 12 වැනිදාද කොළඹ කොටස් වෙළෙඳපොළ අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී ඇතුළුව තවත් සමාගම් හතරක් වෙත ඔවුන්ගේ ගනුදෙනු අත්හිටුවීම පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබුණි. එහි අවසන් දිනය ලෙස 2020 පෙබරවාරි 20 වැනිදා ලෙස නම් විය.

කෙසේ වෙතත් අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම මේ වනවිට අදාළ රෙගුලාසි සම්පූර්ණ කිරීමට සමත් වීම හේතුවෙන් එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි පැවසෙයි.

අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී හි මෙම ANILANA සන්නාමය යටතේ මේ වනවිට අනිලානා පාසිකුඩා, අනිලානා නිලාවේලි සහ අනිලානා ක්‍රේයිග්බෑන්ක් (නුවරඑළිය) හෝටල් සහ නවාතැන් පවතී. 

හෝටල් සංවර්ධනය සහ කලමණාකරනයේ යෙදෙන අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සහ එහි පරිපාලිත සමාගම්හි සභාපතිත්වය සහ කළමනාකාර අධ්‍යක්ෂධුරය, සිංගප්පූරුවේ පිහිටි Somap International Pte Ltd. හි නිර්මාතෘවරයා වන දිනේෂ් පාන්ඩේය. 2018 වසරේ අගෝස්තු මාසයේදී ඔහු අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සීහි 51% කොටස් ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත්වීම ඊට හේතුවිය. එසේම අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී හි අධ්‍යක්ෂවරයා මෙන්ම නිර්මාතෘවරයා වන්නේ මෙරට සමාගම් කිහිපයකම ප්‍රධාන ධුර දරන, කොළඹ කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වන ප්‍රකට ව්‍යාපාරික අසංග චන්දන සෙනෙවිරත්න මහතාය. 

Visits: 300

Leave a Reply

Your email address will not be published. Required fields are marked *