වැලිඔය කර්මාන්තපුරය සදහා රුපියල් මිලියන 272.5ක ආයෝජන

වැලිඔය කර්මාන්තපුරය සදහා රුපියල් මිලියන 272.5ක ආයෝජන

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් සම්පත්නුවර ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයේ පිහිටි වැලිඔය කර්මාන්තපුරය හරහා ඉදිරියේදී එම ප්‍රදේශයේ දෙදහස් පන්සීයක පමණ පිරිසකට රැකියා ලබාදීමට අපේක්ෂා කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

රජය රුපියල් මිලියන 360ක මුදලක් යොදවා මේ වනවිට එම කර්මාන්ත පුරය සංවර්ධනය කිරීමට ලක් කර ඇති අතර, පසුගියදා එම අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් එය විවෘත කෙරිණි.

මෙහිදී New Universe Corporate Clothing පෞද්ගලික සමාගම සහ Stylish Casual Ware  සමාගම් එම කර්මාන්තපුරයේ සිය කර්මාන්තශාලා ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 272.5ක මුදලක් දැනටමත් ආයෝජනය කර තිබේ. මේ හරහා බිහි කිරීමට අපේක්ෂිත රැකියා ප්‍රමාණය 1,020 ක් බවත් පවසයි.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා New Universe Corporate Clothing පෞද්ගලික සමාගමේ සභාපති අමීන්ද විමලසේන මහතා ඇතුළුව ආයෝජකයන්ද, අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගි වී ඇත.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *