සිනමන් ලයිෆ්හි ඉදිකිරීම්වල අලුත්ම තත්ත්වය

සිනමන් ලයිෆ්හි ඉදිකිරීම්වල අලුත්ම තත්ත්වය

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් “සිනමන් හෝටල් පෞද්ගලික සමාගම” මගින් සිදු කරන “සිනමන් ලයිෆ්” හි ඉදිකිරීම් කටයුතුවල පෙබරවාරි මාසය අවසන් වන විට තත්ත්වය එම සමාගම මගින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කරන්නට යෙදුණි.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස කොළඹ බාලදක්ෂ මාවත ආසන්නයේ වර්ග අඩි මිලියන 4.5ක භූමිභාගයක මෙම සිනමන් ලයිෆ් ඉදි වෙමින් තිබේ. මෙය නගරයක් ඇතුළත තවත් නගරයක් ලෙසට සිනමන් හෝටල් සමාගම හදුන්වා දෙයි. එසේම “සිනමන් ලයිෆ්” නූතන දකුණු ආසියාවේ කේන්ද්‍රස්තානය බවට පත්වීම සිය දැක්ම බවද සමාගම සඳහන් කරයි.

මෙම සිනමන් ලයිෆ් ඉදිකිරීම තුළ සිනමන් සන්නාමය සහිත තරු පහේ හෝටලයක්, කඩසාප්පු ඇතුළත් සිල්ලර වෙළෙඳ සහ විනෝදාස්වාන සංකීර්ණයක්, සම්මන්ත්‍රණ පරිශ්‍රයක් සහ වාහන ගාල් කිරීමේ පහසුකම් ද පිහිටුවා ඇත. එසේම මහල් 30කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලක් සහ එකිනෙකට වෙන්ව පිහිටි මහල්නිවාස සංකීර්ණ ගොඩනැගිලි දෙකක්ද මෙහි වෙයි.

Visits: 215

Leave a Reply

Your email address will not be published. Required fields are marked *