විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවතට

විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවතට

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් පත් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටි වජිර විජේගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි “ද සන්ඩේ මොර්නිං” පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව විජේගුණවර්ධන මහතාගෙන් හිස‍්වන අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා, වසර 20 කට අධික කාලයක් විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ නීති කටයුතු භාරව කටයුතු කළ නීතිඥ චින්තක මෙන්ඩිස් මහතා පත් කිරීම සඳහා කටයුතු යෙදී ඇතැයි පැවසෙයි.

මෙන්ඩිස් මහතා සතුව සුරැකුම්පත් පිළිබඳ නීතිය, ජාත්‍යන්තර වෙළෙඳ නීතිය, මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිවීම, අපරාධ නීතිය මෙන්ම තවත් ජාත්‍යන්තර නීති රැසක් පිළිබඳව අත්දැකීම් පවතින පුවත්පත වාර්තා කරයි. 

අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කෙරෙන විජේගුණවර්ධන මහතා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් සඳහා අනුයුක්ත කිරීමටද නියමිතව තිබේ. ඔහු 2015 වසරේ අප්‍රේල් මාසයේදී සුරැකුම්පත් සහ විනිමය කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණි.

එම කොමිෂම වෙත සම්බන්ධවීමට පෙරාතුව ඒ මහතා වසර 10කට ආසන්න කාලයක් ආයෝජන විශ්ලේෂකයෙකු සහ අරමුදල් කළමනාකාරවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මෙලෙස විජේගුණවර්ධන මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ වන යෝජනාව මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.  එසේම නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙන්ඩිස් මහතා පත් කිරීමටද ඒ මහතා අත්සන් තබා ඇතැයි පැවසෙයි.

Visits: 125

Leave a Reply

Your email address will not be published. Required fields are marked *