මත්තල සහ රත්මලාන ගුවන් තොටුපොළ වෙත ජාත්‍යන්තර ආකර්ෂණයට යෝජනා

මත්තල සහ රත්මලාන ගුවන් තොටුපොළ වෙත ජාත්‍යන්තර ආකර්ෂණයට යෝජනා

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අන්තර්ජාල නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම යෝජනා වී ඇත. 

ඒ සඳහා වන ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සඳහා, එක්සත් ජනපද ඩොලර් 60 ක් වන එම ගුවන් තොටුපොළ අපගමන බද්ද අය කරගැනීම වසර දෙකක කාලයක් සඳහා අත්හැරීමට කටයුතු යෙදී ඇත.  

එසේම මෙම ගුවන් තොටුපොළෙන් පිටවන සංක්‍රමණික සේවකයන් සඳහා වන ගාස්තු සඳහා වට්ටමක් ලබාදීමටද යෝජනා වී තිබේ. එම ගුවන් තොටුපොළේ බිම් මෙහෙවර ගාස්තු සඳහා වට්ටම් අනුපාතක් ලබා දීමත් සිදු කෙරේ.

මීට අමතරව සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම, ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීමත් සිදු කිරීමට යෝජනා වී ඇත.

කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා පවතින යෝජනාව යටතේ,  එම ගුවන් තොටුපොළ මගින් අයකරන ඩොලර් 60ක අපගමන බද්ද වසරක කාලසීමාවක් සඳහා 50%ක් පමණක් අය කිරීමත් සිදු වෙයි. 

එසේම සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම මෙන්ම ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීමත් සිදු කිරීමට යෝජනා වී ඇත.

Visits: 59

Leave a Reply

Your email address will not be published. Required fields are marked *