අපගේ ATM ජාලය සුරක්ෂිතයි – සම්පත් බැංකුව පවසයි

අපගේ ATM ජාලය සුරක්ෂිතයි – සම්පත් බැංකුව පවසයි

තම බැංකුව සතු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය සුරක්ෂිත බවට සිය වටිනා ගනුදෙනුකරුවන්ට සහතික කරන බව සම්පත් බැංකුව නිවේදනයක් මගින් අවධාරණය කර සිටියි. 

“සම්පත් බැංකු ATM ජාලය අනාරක්ෂිතයි” යන අදහසින් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණු පුවතට පිළිතුරු ලබා දෙමින් එම බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය සිය කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් නිර්මාණය කළ ව්‍යාජ ප්‍රවෘත්තියක් බව සම්පත් බැංකුව පවසයි.

එහිදී පාරිභෝගිකයන්ගේ ගනුදෙනුවලට අදාළ සියලු දත්ත ආරක්ෂා කිරීම සඳහා බැංකුව හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව පවසන බැංකුව, සිය ATM යන්ත්‍ර භාවිත කර කිසිදු වංචනික ක්‍රියාවක් සඳහා පාරිභෝගිකයන්ගේ දත්ත කිසිවෙකුටවත් හොරකම් කළ නොහැකි බවද සහතික කරන බව මෙහිදී පවසා සිටියි.

එසේම මෙවැනි පුවතක් ප්‍රචාරය කිරීම හරහා බැංකුවේ ප්‍රතිරූපයට කැළලක් ඇති කරමින් එමගින් අනවශ්‍ය වාසි ලබා ගැනීමක් සිදු කරන බවට තමන් විශ්වාස කරන්නේ යැයි ද සම්පත් බැංකුව වැඩි දුරටත් පවසා සිටියි.

මෙරට තුළ බැංකුවක් විසින් පළමුවරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයක් පිහිටුවීමේ ගෞරවය හිමි වන්නේද සම්පත් බැංකුව වෙතයි. 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (ITSSL) මගින් පසුගිය පෙබරවාරි 27 වැනිදා පස්වරු 2.24ට සිය නිල ෆේස්බුක් පිටුව හරහා නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර භාවිතයේදී පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු බවකි. 

විශේෂයෙන්ම සම්පත් බැංකු ATM යන්ත්‍රවල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ගනුදෙනුකරුවන්ගේ මුදල්, දත්ත වෙත ප්‍රවේශවීමට හැකි බව ඔවුන් එහිදී සඳහන් කර තිබුණි. එහිදී ඊට හේතුවන කාරණා කිහිපයක්ද මෙ නිවේදනය තුළ ඇතුළත්ව තිබුණි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ පළමු නිවේදනය සහ සම්පත් බැංකුවේ පිළිතුරු නිවේදනය පහත පළ වෙයි.

Visits: 74

Leave a Reply

Your email address will not be published. Required fields are marked *