ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් සඳහා One Stop Shop පිහිටුවෙයි

ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් සඳහා One Stop Shop පිහිටුවෙයි

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මුහුණ දෙන ගැටලුවලට පිළිතුරු සැපයීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම පදනම් කරගනිමින් එක් තැනකින් සේවා සපයන සේවා මධ්‍යස්ථාන (One Stop Shop) 25ක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායසංවර්ධන අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක කෙරේ. 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම මධ්‍යස්ථාන වෙත අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල සහ වෙනස් අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්ව තබා තිබේ. එහිදී පාලක මණ්ඩලයක් මගින් එම සේවා මධ්‍යස්ථානවල කළමනාකරණය සිදු කිරීම සැලසුම වී ඇත. 

රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් සපයනු ලබන බවට ඇස්තමේන්තු කර ඇති මෙම ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මගින් ලක්ෂ 30කට අධික ජනතාවකට ජීවනෝපාය සපයන බව හඳුනාගෙන ඇත. එය රටෙහි සමස්ත රැකියා ප්‍රමාණයෙන් 45%ක් පමණද වෙයි. 

එහිදී දැනට ව්‍යාපාරික සේවා ලබා දීම සඳහා පවත්නා ආයතනික ක්‍රමවේදය අනුව එකම කටයුත්ත විවිධ ආයතන මගින් සිදු කිරීම හා විශාල කාලයක් ගත වීම හේතුවෙන් එම ව්‍යවසායකයන් අපහසුතාවට පත්වන බවට නිරීක්ෂණය වී ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායසංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Visits: 170

Leave a Reply

Your email address will not be published. Required fields are marked *