ජපාන දරුවන් පිරිසක් නව කැළණි පාලමේ ඉදිකිරීම් නරඹයි

ජපාන දරුවන් පිරිසක් නව කැළණි පාලමේ ඉදිකිරීම් නරඹයි

කොළඹ පිහිටි ජපාන පාසැලක උගෙනුම ලබන ජපන් දරුවන් පිරිසක් පසුගියදා නව කැලණි පාලමේ සිදුකරන ඉදිකිරීම් නැරඹීම සඳහා පැමිණි බව Economy & Business Sri Lanka වෙත වාර්තා වෙයි. මෙහිදී ඔවුන් ජපානයේ සහයෝගය මත ඉදි කෙරෙන මෙම නව කැලණි පාලමෙම් වැඩකටයුතුවල තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කර තිබේ.

ජපාන සහයෝගිතා ආයතනය හෙවත් JICA හි මූල්‍යමය ආධාර යටතේ මෙම නව කැලණි පාලම ඉදි කිරීමේ කටයුතු සිදු වෙයි. ඒ යටතේ ජපානයේ සුමිටොමෝ මිට්සුයි කන්ස්ට්‍රක්ෂන් සමාගම මෙම ඉදිකිරීම් භාරව ක්‍රියා කරයි. එහිදී එම සමාගම මෙම ජපාන දරුවන් වෙත සිය ඉදිකිරීමේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව කරුණු ප්‍රදර්ශනය කර ඇත.

මෙම පැහැදිලි කිරීමේදී එම සමාගම දැනට ලෝකයේ මෙන්ම ජපානයේද ඉදිව ඇති මෙවැනි ආකාරයේ පාලම් කිහිපයකම ඡායාරූප උදාහරණ ලෙස ඉදිරිපත් කර තිබේ. එසේම සිමෙන්ති ඇතුළුව අනෙකුත් උපාංග යොදා ගනිමින් පාලමක් ඉදිකරන ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක්ද ඔවුන්ට ඉදිරිපත් කෙරී ඇත.

කැලණි ගංගාව මතින් දිවෙන මෙම නව කැලණි පාලම උතරින් කොළඹ – කටුනායක අධිවේදී මාර්ගය හා සම්බන්ධ වන ලෙසින්ද, බටහිරින් වරාය වෙත පිවිසුම් මාර්ගයක් ලෙසින්ද, දකුණින් මෙම පාලමේ අවසානය බේස්ලයින් මාර්ගයටද සම්බන්ධවන ලෙසින්ද ඉදිකිරීම් සිදු කෙරේ.

මෙම නව කැලණි පාලමේ ඉදිකිරීම් අවසන් වූ විට එය කොළඹ නගරය වෙත ඇති ප්‍රධාන පිවිසුම් මාර්ගයක් බවටද පත් වෙනු ඇතැයි JICA ආයතනය සඳහන් කරයි.

Visits: 85

Leave a Reply

Your email address will not be published. Required fields are marked *