ජෙහාන් ප්‍රසන්න අමරතුංග පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති පුටුවෙන් ඉවත් වෙයි

ජෙහාන් ප්‍රසන්න අමරතුංග පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති පුටුවෙන් ඉවත් වෙයි

මහජන බැංකුවට පූර්ණ අනුබද්ධව ක්‍රියාත්මක වන People’s Insurance PLC සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජෙහාන් ප්‍රසන්න අමරතුංග මහතා වසර 10කට පසුව එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.  

පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ. එම දිනය වන විට අමරතුංග මහතා සතුව එම සමාගමේ කිසිදු කොටස් හිමිකමක් නොමැති බවත් එම නිවේදනයේ සටහන්ව ඇත.

ජෙහාන් ප්‍රසන්න අමරතුංග මහතා 2010 වසරේ සිටම People’s Insurance PLC හි සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු සතුව මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 33කට අධික අත්දැකීම් සහිත බවත් පැවසෙයි. 

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි සභාපතිවරයාට අමතරව අමරතුංග මහතා, මහජන බැංකුවේ, පීපල්ස් ලීසිං පීඑල්සීහි, පීපල්ස් මයික්‍රො-කොමර්ස් ලිමිටඩ්, මෙන්ම පීපල්ස් මර්ච්න්ට් ෆිනෑන්ස් පීඑල්සීහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව කටයුතු කර ඇත. 

එසේම මාළඹේ පිහිටි SLIIT ආයතනයේ මෙන්ම හෝමාගම පිහිටි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේද අධ්‍යක්ෂවරයෙකු ලෙස ඒ මහතා කටයුතු කර තිබේ. 

මේ අතරම ජෙහාන් අමරතුංග මහතා MTD Walkers PLC හි නියෝජ්‍ය සභාපතිවරයාද වෙයි. එසේම ඔහු JAT Holdings (Pvt) Ltd හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. 

මේ අතරින් ගැටලුකාරී MTD Walkers PLC හි විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී ජෙහාන් අමරතුංග මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සඳහන්ව තිබුණි.

Visits: 103

Leave a Reply

Your email address will not be published. Required fields are marked *