ICC පිරිමි T20 ලෝක කුසලානයේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරු ලෙස Signature පත්වෙයි

 ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩාය සමඟ ගොඩනගා ගත් නොබිඳුණු ශක්තිමත් සහයෝගීතාවයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස නැවත වරක් ඉදිරිපත් වී තිබේ.

දශක ගණනාවක් පුරා පවත්වාගත් සහයෝගීතාවයේ මනා පිළිබිඹුවක් ලෙස ලබාදෙන මෙම සාදර අනුග්‍රහය තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා Signature ආයතනය අතර විශ්වාසය මනාව පිළිබිඹු කරන බව එම සමාගම පවසයි.

1996 ලෝක කුසලානය සහ 2014  T20 ලෝක කුසලානය යන ජයග්‍රාහී තරගාවලි තුලදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස දිගින් දිගටම කටයුතු කරීමට Signature ආයතනයට හැකි විය. එසේම පිරිමි විලාසිතා නිර්මාණය කිරීමෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා ක්ෂේත්‍රයට සාධනීය බලපෑමක් ඇතිකිරීමේ පුරෝගාමි සන්නාමයක් ලෙස සුවිශේෂී වටිනාකම් තම ක්ෂේත්‍රයට එකතු කිරීමේ පෙරමුණ ගැනීමට ඔවුන් කටයුතු කළේය.

තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත යන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට විශ්වාසයෙන් යුතුව මනාව හැඳ පැළඳගෙන ජයග්‍රාහි පෞරුෂයකින් ඉදිරියට යන්නට අවශ්‍ය ඇඳුම් නිර්මාණය කරන්නට Signature ආයතනය පුරෝගාමී වී තිබේ.

Signature ආයතනයේ අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා මෙම සුවිශේෂී සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින්,“ 2024  ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරු ලෙස නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතුවීමට ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය හරහා අපේ දිගු කාලීන බැඳීම සහ වටිනාකම් බෙදාගැනීමේ පුරුද්ද තවත් ඉස්මතු වෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත්ව ඉදිරියට එන විට ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන සහයෝගය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තත්ත්වයන් ඉහළට ඔසවන්නට අපි දිගින් දිගටම කැපවෙනවා. තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නායකත්වය දරන අපේ ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන්  අපි සුබ පතන අතරම ඔවුන්ට කුසලානය අපේ රටට ගෙන එන්නට හැකියාව තියනවා කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

1990 වසරේ දී හඳුන්වාදුන් Signature සන්නාමය සාමාන්‍ය ඇඳුම් (casual wear) සහ කාර්යාල ඇඳුම් (formal wear) කාණ්ඩ තුළ අගය එකතු කිරීමෙන් සහ විලාසිතා හඳුන්වාදීමෙන්, පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස් තාරුණ්‍යයේ සන්නාමය ලෙස ඉදිරියට පැමිණ විලාසිතාවලට කැමති ශ්‍රී ලාංකික පිරිමි පාර්ශවය අතර ඉහළ පිළිගැනීමක් අත්පත් කරගෙන තිබේ. 

Views: 0