හේමාස් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට රුපියල් 3 බැගින් රු.බිලියන 1.79ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට යෝජනා කර ඇතැයි පවසයි. පසුගියදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහ්ම රුපියල් 3 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජුලි 17 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූනි 28 වැනිදා නම් කර තිබේ.

කෙසෙ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ යෝජනාව සම්බන්ධයෙන සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව තිබෙන බව හේමාස් හෝලඩිංගස් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන සමාගමේ මීළග මහා සභා රැස්වීම ලබන ජූනි 27 වැනිදා පැවැත්වෙන බවත් සමාගම පවසයි.

මෙලෙස ලබා දිමට නියමිත සමස්ත ලාභාංශයේ වටිනාකම රුපියල් බිලියන 1.79ක් (1,790,017,851ක්) ලෙස සටහන්ව තිබේ.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය මැයි 22 වැනිදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම පෙර දිනයේ පැවැති රුපියල් 88.50ට සාපේක්ෂව ශත 40කින් එනම් 0.45%කින් ඉහළ ගොස් රුපියල් 88.90ක් ලෙස සටහන්ව තිබුණි.

Views: 0