ත්‍රිකුණාමලයේ පැවති 2024 ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට ලිට්‍රෝ සහයෝගය

ත්‍රිකුණාමලයේදී පසුගියදා නිමාවට පත් වූ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජාත්‍යන්තර සුහදත්වය සැමරීම පමණක් නොව සභාපති මුදිත පීරිස් මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ලිට්‍රෝ හි වැදගත් කාර්යභාරය ද මැනවින් පෙන්නුම් කළේය.

ආරක්ෂාව, තිරසාරභාවය සහ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික වශයෙන් පරිවර්තනය සඳහා ලිට්‍රෝ හි කැපවීම මෙම උත්සවය පුරාවටම දැකගන්නට ලැබුණු අතර, රටවල් 28 කින් පැමිණි බාලදක්ෂයින් 12,000 කට කිසිදා අමතක නොවන මතක සටහනක් තැබීය.

ලිට්‍රෝ මෙම ජම්බෝරියට සවිබලය ලබාදීම මඟින් පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට යන කරුණු තුනට ප්‍රමුඛත්වය දෙමින් බලශක්ති තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ආයතනයේ අරමුණ හා සමගාමී වේ. ඒ සම්බන්ධයෙන්, ලිට්‍රෝ පසුගිය වසර කිහිපය තුළ සිසුන් සමඟ සමීපව කටයුතු කර ඇති අතර, තිරසාර, ආරක්ෂිත බලශක්ති විකල්පයක් ලෙස LP ගෑස් භාවිතය පිළිබඳව දැනුවත් කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටියි.

“ලිට්‍රෝ ගෑස් අපි නායකත්වයේ වැදගත්කම පිළිබඳව තරයේ විශ්වාස කරන අතර, ඒ අනුව, බලශක්ති තිරසාරභාවය පිළිබඳ අනාගත නායකයින්ට උපදෙස් දීමේ මෙම ප්‍රයත්නයේ කොටසක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. අපි LP ගෑස් පිළිබඳව බාලදක්ෂයින් දැනුවත් කර ඇති අතර ඔවුන්ට අපගේ නිෂ්පාදන සහ සේවාවන් භාවිතා කර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම මෙය අපටත් විවිධ දේ අධ්‍යයනය සඳහා කදිම අවස්ථාවක් වුණා.” ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

Views: 0