ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නිවේදනය කළේය.

ඒ අනුව නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින්ද, පහළ දැමෙන බවත් ඒ මහතා පැවසීය.

එම මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3940 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1582 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 740 දක්වා ද පහළ වැටීමට නියමිතව තිබේ.

Views: 0