EDB සහ CHEC PORT CITY COLOMBO (PVT LTD) අතර අවබෝධතා ගිවිසුමක්

කොළඹ වරාය නගරය වෙත අපනයන-අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා  අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ CHEC Port City Colombo (Pvt) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.

මෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් Hongfengමහතා සඳහන් කළේ, “කොළඹ වරාය නගරය කලාපීය සැපයුම්/ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වන බැවින්ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ මෙම විශේෂ හවුල්කාරිත්වය ඇති කර ගැනීමට ලැබීම ගැන සතුටට පත්වන බවත් දකුණු ආසියාවේ හදවත බඳු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙම ආයතනවලට අවස්ථාව සලසා දෙන අතරම අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාරසඳහා ක්‍රමෝපායික ස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතාවෙන්හැකි වන බව” යි.

ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවට හැරවුම් ලක්ෂයක් වනු ඇති බව” යි. මෙමගින් දේශීය අපනයනකරුවන් සඳහා ඇති ආකර්ශනීය මූල්‍ය සහ  මූල්‍යනොවනප්‍රතිලාභ (fiscal and non-fiscalbenefits)සහ අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමටත්, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ඔවුන්ගේ අදාළ වෙළෙඳ/ මිලදී ගැනීමේ කාර්යාල මෙහෙයුම් ස්ථාපිත කිරීමටත් උපකාරී වනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ වරාය නගරයට සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට මෙම විශේෂ ආර්ථික කලාපය, අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ආකර්ෂණීය වාණිජ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටඉඩ සැලසෙනු ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගරය (Port City Colombo) විසින් මැදපෙරදිග, ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව ඇතුළු ගෝලීය වෙළඳපොළවල් වෙත සෘජු ප්‍රවේශය ලබා දෙන අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අනාගත ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය විශේෂඥතාව සහ සහාය ලබා දෙනු ඇත.කොළඹ වරාය නගරය දකුණු ආසියානු කලාපයේ ආකර්ෂණීය උපාය මාර්ගික සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට දෙපාර්ශ්වය එක්ව අනාගතයේදී කටයුතු කරනු ඇත.

Views: 0