සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කළ හැකි Ask QX, hybrid GenAI දියත් කරයි

ලොව ප‍්‍රමුඛතම Artificial General Intelligence (AGI) සමාගමක් වන QX Lab AI ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාද පෙරදිග ඇතුළු රටවල් රැසක පරිශීලකයින් හට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ලොව ප‍්‍රථම hybrid කෘතිම බුද්ධි වේදිකාව පසුගියදා හඳුන්වා දෙන ලදී.

Ask QX ලෙස නම් කර ඇති එය node-based නිමාවක් සහිත ප‍්‍රථම කෘතිම බුද්ධි වේදිකාවද වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ භාෂා 100කට වැඩි ප‍්‍රමාණයක් අන්තර්ගත වීම හේතුවෙන් කැමති භාෂාවකින් GenAI සමඟ කටයුතු කිරීමේ පහසුව පරිශීලකයින් වෙත උදා කර දීමයි.

ඒ අනුව ඉංග‍්‍රීසි භාෂාවට අමතරව අරාබි, ස්පාඤ්ඤ, ජපන්, ජර්මන් ඉතාලි, කොරියානු, පෘතුග‍්‍රීසි, රුසියානු සහ සිංහල ඇතුළු භාෂා රැසකින් කටයුතු කිරීමේ අවස්ථාව QX Lab AI උදා කර දී ඇත.

ඉහළ භාෂා මාදිලි 30%ක් හා භාෂා අවබෝධයේ හා පරිශීලනයේ නවමු පියවරක් වන Neural Network Architecture හි 70%ක් ද සමඟින් මෙම භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර ඒ යටතේ අකුරුවල සිට රූප හෝ වීඩියෝ දක්වා ව්‍යාපාර, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන, නීති සේවා යනාදී සේවා රැසක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින් හට උදා වනු ඇත.

මේ වන විටත් පරිශීලකයින් මිලියන 8කට වැඩි පිරිසක් විසින් භාවිත කරනු ලබන QX Lab AI සුපැහැදිලි රූප, වීඩියෝ සමඟින් අකුරු හා ශබ්ද ආකෘති වෙත සැණෙකින් පිවිසීමේ පහසුව දකුණු ආසියානු කලාපය වෙත ගෙන ආ පුරෝගාමී GenAI වේදිකාව ලෙසද හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් විවිධ පරිශීලක අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නවීන තාක්ෂණයෙන් හා අවම තරඟකාරී මිලක් සමඟින් හඳුන්වා දී ඇති සේවාවලින් සන්නද්ධ Ask QX හි නිදහස් සංස්කරණය තුළින් Ask QX gen AI neural වෙත පිවිසීමටද හැකියාව ලබා දී ඇත.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ Ask QX නිර්මාණය කිරීමේදී භාවිත කර ඇති නවීනතම තාක්ෂණයයි. මේ තුළින් පිරිවැය අඩු කිරීම පමණක් නොව එහි ආරක්ෂාවද ඉහළ නංවන අතර ඒ සතු දත්තයන්හි ආරක්ෂාවන්ද සහතික කරනු ලබයි. QX Lab AI සතුව බල ගන්වන ලද සංකේත ටි‍්‍රලියන 6 ක් පමණ වන පරාමිතීන් 372ක් ඇතුළත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ QX Lab AI හි සම නිර්මාතෘ, ප‍්‍රධාන විධායක නිලධාරී තිලක්රාජ් පර්මාර් මහතා ‘‘මෙය අවුරුදු 8ක කැපවීමේ හා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙසත් පෙන්වා දිය හැකියි. ඉන්දියාවේ විවිධ භාෂාවන් රැසක් නිවැරදිව ඉදිරිපත් කිරීමේ අසමසම හැකියාවකින් යුත් Ask QX හේතුවෙන් වරප‍්‍රසාද ලත් කිහිප දෙනෙකුට පමණක් සීමා නොවී සියලූ දෙනාට AI තාක්ෂණයේ මහිමය භුක්ති විඳීමේ අවස්ථාව උදා වී ඇති බව සතුටින් මතක් කිරීමට කැමතියි’’ යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ QX Lab AI හි සම නිර්මාතෘ, ප‍්‍රධාන උපාය නිලධාරී අර්ජුන් ප‍්‍රසාද් මහතා සඳහන් කළේ ඉන්දියාව පුරා සියලූ දෙනාට තමන් කැමති භාෂාවකින් භාවිත කළ හැකි නිෂ්පාදනයක් ලබා දීම බවත් එය පරිපූර්ණ වේදිකාවක් ලෙස එළිදැක්වීමට කටයුතු කළ බවත්ය. මේ වන විටත් මිලියන 8කට අධික පරිශීකයින් ප‍්‍රමාණයක් පරිහරණය කරනු ලබන එය පුද්ගල, ව්‍යාපාර මෙන්ම ප‍්‍රජාවන් බල ගැන්වීමේ සුවිශේෂී සේවාවක් ලෙස Ask QX පෙන්වා දිය හැකි බවත්ය.

Visits: 0