මහ බැංකුව වෙත නව සහකාර අධිපතිවරුන් 06 දෙනෙක් පත් කෙරේ
ශ්රී ලංකා මහ බැංකුව වෙත නව සහකාර අධිපතිවරුන් හය දෙනෙකු පත් කර ඇතැයි මහ බැංකුව පවසයි. ශ්රී ලංකා මහ බැංකුවෙහි පාලක මණ්ඩලය විසින් පසුගිය ජනවාරි 19 වැනිදා පැවැති රැස්වීමේදී ගනුලැබූ තීරණයකට අනුව මෙම නව පත් කිරීම් සිදුව තිබේ. ඒ අනුව ආචාර්ය සී. අමරසේකර, ඩබ්ලිව්. ඒ. දිල්රුක්ෂිනී, ආචාර්ය පී.කේ.ජී හරිස්චන්ද්ර, ඩී.එස්.ඩබ්ලිව්. සමරතුංග, ඊ.එච් මොහොට්ටි සහ ආර්.ඩී.ටී. ගුණසේකර යන මහත්ම මහත්මීන් මෙලෙස 2024 ජනවාරි 22 වැනිදා සිහ සහකාර අධිපති ධුරයන්ට උසස් කර ඇතැයි මහ බැංකුව පවසයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2024/02/Press-Release-AGG-Sinhala-2-1024x195.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 0