ඩේවිඩ් කැමරන් වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳව ගෝලීය ආයෝජකයින් දැනුවත් කිරීමට සැරසෙයි

ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළපවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා  දිරිගැන්වීම අරමුණු  කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා පිලිබඳ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දු-පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කාර්‍යභාරය පිළිබඳව මෙම ප්‍රදර්ශනයට සමගාමී ව පැවැත්වෙන සැසියක් ඇමතීමට නියමිත ය.

මෙහි දී ඉන්දු-පැසිෆික් කලාපය ඇතුළු බහුවිධ හවුල්කරුවන් සමඟ  සම්බන්ධ වීමේ හැකියාවසහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමිකාව පිළිබඳ ව මෙම සැසියේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

වර්ෂ 2040 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP)  50% කට වැඩි ප්‍රමාණයක් ආසියාව මඟින් ආවරණය වන අතර, 21 වැනි සියවසේ ගෝලීය නව ආර්ථික බල කේන්ද්‍රය බවට ආසියාව  පත් වෙමින් පවතී.  

මෙම සන්දර්භය තුළ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දු-පැසිෆික් කලාපය සමඟ සිය සබඳතා ශක්තිමත් කිරීමට අරමුණු කරන බවත්,එහි දී ඩොලර් බිලියන ගණනක වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා හරහා ශ්‍රී ලංකාවට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ හැකි බවත් පැවසිය යුතුය.

කොළඹවරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රමුඛතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකි.  ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹට යාබදව ගොඩ කළ භූමියක ඉදි කෙරුණු කොළඹ වරාය නගරය  විශේෂ ආර්ථික කලාපයක් ලෙස ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, ජාත්‍යන්තර ව්‍යාපාරිකයි, හෝටල් හිමිකරුවන් සහ ව්‍යාපාරික ක්‍රියාකාරීන්ට මෙය සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) මගින් වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ස්වාධීන පාලන රාමුවක් නිර්මාණය කරමින් දකුණු ආසියාව තුළ ව්‍යාපාර කටයුතු සිදු කළ හැකි පහසු ම ස්ථානය බවට පත්වී ඇත.

කොළඹ වරාය නගරය ගෝලීය වශයෙන් තරඟකාරී විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීම වෙනුවෙන් විවිධ ව්‍යාපාර මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමේ  ප්‍රථිඵලයක් ලෙස  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම අවස්ථාවසංවිධානය කෙරෙයි.

Views: 82